EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Gangster, The Cop, The Devil (2019) | මැරයෙක්, නිලධාරියෙක්, ඝාතකයෙක්.

2019 මැයි 15 වෙනිදා ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Action\Thriller ගණයට අයත් වෙන නිර්මාණයක්. IMDb අගය 6.9 කුත් 96% Rotten Tomatoes ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 50 කුත් දිවයනවා. Ma Dong-seok[The Gangster], Kim Mu-yeol[The Cop] සහ Kim Sung-kyu[The Devil] යන අය ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

The Gangster

ජන්ග් දොන්ග් සු කියන්නෙ සියුස් පාතාල කල්ලියෙ නායකයා. මුදල් වංචා නීති විරෝධී සූදු යන්ත්‍ර රට වටා බෙදා හැරීම ඇතුළු අපරාද ගාණකට වග කිව යුත්තෙක්. මෙයාට තරහ කාරයො ගොඩයි. හා සංග් දො කියන ලඟම යාළුවා පවා විශ්වාස කරන්න බෑ, මිනිහත් බලයට කෑදර කමෙන් නිතරම දොන්ග් සුට වද දෙනවා. දවසක් රෑ මේ දෙන්න හම්බෙලා කතා බහ කරල දොන්ග් සු එයාගෙ කොල්ලො ටික යවලා තනියම වාහනේ අරගෙන යනවා. ටික දුරක් යනකොට පිටි පස්සෙන් ආපු වාහනයක් මෙයාගෙ කාර් එකේ යන්තමට හප්පනවා. වැඩි දෙයක් වෙලා නැති නිසා පිටි පස්සෙන් ආපු වාහනේ කෙනාට යන්න ඉඩ දුන්නත් මිනිහ පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න ගන්නවා. මිනිහ පැනල යනවා හැබැයි දොන්ග් සූ බේරෙන්නෙත් නූලෙන්.

The Cop

ටේ සොක් කියන්නෙ ටිකක් නහර කාරයෙක් හැබැයි අවංක පොලිස් නිලදාරියෙක්. මෙයා නිතරම සියුස් කල්ලියෙ උන් එක්ක පැටලෙන්න යන්නෙ උන්ගෙ වැරදි වැඩ බලාගෙන ඉන්න බැරිම තැන.හැබැයි මෙයාගෙ ලොක්ක පාතාල කල්ලි නායකයට සපෝට් කරන නිසා ටේ සොක්ට වැඩි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙ ලගකදි ඉඳන් ඝාතන සිද්ද වෙනවා. හැබැයි මේ එකක්වත් විසඳගන්න වෙන්නෙ නෑ.මොකද කිසිම සාක්ෂියක් නැති නිසා. ඒත් මෙයාට තේරෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා. ඒත් කිසිම සාක්ෂියක් නැති නිසා වෙන කිසිම කෙනෙක් මේක පිලිගන් නෑ. එතකොට තමයි මෙයාට දැනගන්න ලැබෙන්නෙ සියුස් කල්ලියෙ නායකයට කවුරුහරි පිහියෙන් ඇනලයි කියල ආරංචි වෙන්නෙ.

The Devil

කන්ග් ක්යුන් හෝ කියන්නෙ එක තැනක ඉන්න මිනිහෙක් නෙවෙයි.නිතරම තමන්ගෙ පදිංචි වෙනස් කරනවා. වාහනෙන් නිතරම රෑට එහෙ මෙහෙ යනවා. ගිහින් කාගෙ හරි වාහනේක හප්පලා ඒකෙන් බහින කෙනාව කිසිම හේතුවක් නැතුව පිහියෙන් ඇනල මරල දානවා. හැබැයි කවදාවත් මෙයා කිසිම සාක්ෂියක් ඉතුරු කරල යන්නෙ නෑ. හැබැයි දවසක් මෙයාට අහුවුණු ගොදුර සෙල්ලම් මිනිහෙක් නෙවෙයි. ඇඟ පතත් ලොකු නිසා වෙනද වගේ මරන්න බැරිවෙනවා. පිහියෙන් ඇන්න වගේම තමයි මිනිහටත් හොඳටම තුවාල වෙනවා. කොහොමහරි මිනිහ එතනින් බේරිල පැනල යනවා.

ඔන්න ඕක තමයි කතාවෙ ආරම්භය. ඉතින් මැර නායකයෙක්ට කවුරුහරි ඇන්නම මිනිහ නිකන් ඉඳියිද? පොලිසි යයිද? නෑනෙ. හැබැයි අවංක පොලිස් කාරයෙක් මේක දැනගත්තම නිකන් ඉඳියිද? නෑනෙ. ඉතින් කුතුහලයක් තියල මම මෙතනින් නවතින්නම්.

Comments

April 22, 2023

sever wada na ne

December 14, 2025

meka download karanna denne na ne