EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Roundup: Punishment (2024) Sinhala Subtitles | “කැසිනෝ අධිරාජ්‍යයා”

 

The Roundupෆිල්ම් සෙට් එක ගැන නම් මේ වෙනකොට අහලා නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ජනප්‍රියයි වගේම ඒ ජනප්‍රියතව‍ය මේ වෙනක්ම් ආව කිසිම චිත්‍රපටයකින් අඩුවුණේ නෑ.තවත් වැඩි වුනා විතරයි. 2017 වල තිරගතවුන The Outlaws චිත්‍රපටයෙන් පස්සේ අවුරුදු පහකට පස්සේ 2022 දී දෙවෙනි දිගහැරුම වශයෙන් The Outlaws 2: The Roundup විදිහටත් තෙවෙනි දිගහැරුම විදිහට The Roundup: No way out විදිහටත් 2023දී තිරගත වුනා. මේ තමයි හතරවෙනි දිගහැරුම.. ඒ කියන්නෙ The Roundup: Punishment. “කොරියන් තඩියා” ඉන්නවා කියන්නෙ ඇක්ෂන් පැත්තට බරයි කියලා ඔයාලා හැමෝම දන්නවනෙ

Heo Myung-haeng ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මේ චිත්‍රපටයට සුපිරි කොරියානු නළු Ma Dong Seok (මා දොං සොක්) Kim Mu-yeol (කිම් මු යොල්), Park Ji-hwan (පාක් ජි හ්වාන්), Lee Dong-hwi (ලී දොං හ්වි) රංගනයෙන් දායක වෙනවා. 2024 අප්‍රේල් 24 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.7 කුත් 90%ක Rotten Tomatoes අගයකුත් 95%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිලා තියෙනවා. මේ The Roundup : Punishment චිත්‍රපටය ඇ.ඩො මිලියන 71.6 ආදායමක් ලබාගන්න සමත් වුනා

එහෙනම් කතාව පැත්තට හැරෙමු.

මේ පාරනම් සිද්ධ වෙන්නෙ කැසිනෝ කල්ලියක් වටලන මෙහෙයුමක්. පිලිපීනෙදි සොං ජේ  කියලා කෙනෙක්ව මරලා දානවා. ඊටපස්සෙ මේ කේස් එක විසදන්න අවස්ථාව ලැබෙන්නෙ සොක් දෝගෙ කණ්ඩායමට. ඇයි එයාව මැරුවෙ.. මොකක්ද ඒකට හේතුව කියලා දැනගනන් වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා. ත්‍රෑසය ක්‍රියාදාම කුතුහලය එක්ක හාස්‍යත් මුසු කරලා මේ ෆිල්ම් එක සුපිරියටම නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ෆිල්ම් එක රස විඳින්න කියලා ආරාධනා කරනවා

Comments