CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
16693 Views

  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Thiruchitrambalam (2022) Sinhala Subtitles

Thiruchitrambalam (2022) Sinhala Subtitles

Aug. 18, 2022India133 Min.
Your rating: 0
votes
Thiruchitrambalam (2022) Sinhala Subtitles | මිතුරියද? පෙම්වතියද? [සිංහල උපසිරසි]

(Thiruchitrambalam (2022) Sinhala Sub , Thiruchitrambalam (2022) Sinhala Subtitle , Thiruchitrambalam (2022) Sinhala Subtitles)

මේ වසරේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් තිරගතවන ධනුෂ්ගේ කලකට පස්සෙ තිරයට නිකුත් වුණ චිත්‍රපටය තිරුචිට්‍රම්බලම් තමයි මේ විදිහට අරගෙන ආවේ. මුලින්ම කතාව පැත්තට හැරුණොත්…

අපේ කතාවේ වීරයා පළම්. කණිෂ්ඨ පළම්. පළම් ජීවත් වෙන්නෙ එයාගේ තාත්තා වගේම සීයා ජ්‍යෙෂ්ඨ පළම් එක්ක. පළම් එයාගේ තාත්තා එක්ක අවුරුදු ගාණක ඉඳන්ම කතා කරන්නෙ නැහැ. එයා එයාගේ තාත්තට ඒ තරම් වෛර කලා. පළම් කියන විදිහට පළම්ගෙ අධ්‍යාපනයත් තාත්තා නිසා නතර කරන්න වෙලා තියෙනවා. ඉතින් සීයා තමයි දෙන්නා අතරෙ සංවාදවලට මැදිහත් වෙලා එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේ. අධ්‍යාපන කටයුතු වලින් ඈත් වුණ නිසා පළම් බෙදාහැරීම් සේවාවක රැකියාවක් කරනවා. පළම්ට හිටියා පුංචි කාලේ ඉඳන්ම එකට හැදුණ යාළුවෙක්. පුංචි කාලේ කියන්නෙ, පළම්ගෙ පුංචිම කාලේ ඉඳන්ම හොඳම යාළුවා තමයි ශෝභනා. දෙන්නාම එකි නෙකා ගැන හොඳට දන්නවා. පළම්ට ප්‍රශ්නයක්, කරදරයක් වුණ වෙලාවට ශෝභනා එයාගේ ලඟින් ඉන්නවා. ඒ විදිහටම පළම් ශෝභනා ගැනත් හොයලා බලනවා. ඉතින් කිව්වා වගේම පළම්ගෙ රස්සාව හොටෙල්වලින් කෑම, බීම අරගෙන ගෙදරටම ගිහින් බෙදාහැරලා දෙන එක. වෙනදා වගේම බෙදාහැරීම් කරගෙන යද්දි දවසකදි පළම්ගෙ ඉස්කෝලෙ කාලේ ක්‍රෂ් එක අනූෂාව හම්බවෙනවා. පළම්ගෙ හිතේ තවමත් අනූෂගෙ ගැන නම් ආදරය තිබුණා. කොහොමින් හරි අනූෂා පළම්ගෙ නම්බරය ඉල්ලගන්නවා. පළම්ට ආදරේ ගැන නම් අත්දැකීම් නැහැනේ. එයා හොඳම යාළුවා ශෝභනාගෙන් අනූෂාව කැමති කරවගන්න උපදෙස් ඉල්ලනවා. ශෝභනාත් පුළුවන් විදියට පළම්‍ට උදවු කලා. ඒත් දවසක් ශෝභනාටත් නොකියාම පළම් අනූෂාව හම්බවෙන්න ගිහින් තිබුණා. ඒකට නම් ශෝභනාට කේන්ති ගියා. ආදරේ හරහට ආව ගමන් යාළුවව අමතක කලාවත්ද? කමක් නැහැ කියලා අනූෂාට පළම් ගැන ආදරයක් ඇතිකරන්න පුළුවන් දෙයක් ගැන ශෝභනා පළම්ට කියනවා. පළම්, ශෝභනා කිව්ව විදිහටම ලැහැස්ති වෙලා ගිහින් අනූෂා ගැන පළම්ගෙ හිතේ තියෙන කැමැත්ත කියනවා. ඒත් වෙන්නෙ නම් හිතුවෙ නැති දෙයක්. ස්පොයිල් කරගන්නෙ නතුව පළම්ගේ ජීවිත කතව රසවිඳින්න.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිත්‍රන් ආර් ජව්හර්. එයා මේ ධනුෂ් එක්ක කරන හතරවෙනි චිත්‍රපටිය. මීට කලින් Yaaradi Nee Mohini (2008), Kutty (2010), Uthamaputhiran (2010) යන චිත්‍රපටි තුන කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටි තුනම තෙළිඟු චිත්‍රපට තුනක රීමේක් චිත්‍රපට.

චිත්‍රපටයට අනීගේ සංගීතයෙන් ලැබෙන්නෙ විශාල දායකත්වයක්. චිත්‍රපටියක් රසවිඳින්න ඕනේ මොන වගේ සංගීතයක්ද? ඒ හැම ආසාවක්ම සංසිඳෙන විදිහට අනිරුද් වෙනස්ම තලයක ඉඳන් සංගීතය සපයලා තියෙනවා. Vikram, Beast, Don, Kaathuvaakula Rendu Kaadhal විදිහට 2022 වසරේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ලැයිස්තුවේ බහුතර නියෝජනය අනිරුද්ගේ සංගීතයටයි හිමි වෙන්නේ. S&A සංයෝගය තමයි මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. ඒත් ඊටත් කලින් D&A සංයෝගය ප්‍රේක්ෂකයින් පවා ආදරයෙන් වැළඳගත්ත දෙයක්. ධනුෂ් ගායනා කරපු අනුරුද් සංගීතය සැපයුව “Why This Kolaveri” ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත් වුණා දන්නවා ඇති. 2011 දි ධනුෂ් සහ අනිරුද් එකතුවෙලා(අනිරුද්ගේ පලවෙනි වෘත්තාන්ත චිත්‍රපටය) කරන පලවෙනි චිත්‍රපටය වුණ 3 (2012) චිත්‍රපටයේ තමයි මේ සින්දුව එන්නේ. අනිරුද් අද ඉන්න තැන ඉන්නෙ ධනුෂ් නිසාත්, ඒ ගැන අනිරුද් ධනූෂ්ට කෘතවේදී බවත් අනිරුද් නිතරම කියන දෙයක්.

DnA

V.I.P. (2014) චිත්‍රපටයේද සංගීතය සැපයුවේ අනිරුද් විසින්. 2015දි ‘තංග මගන්‘ චිත්‍රපටයෙන් පස්සෙ අනිරුද් ධනුෂ් සහයෝගය ආයේමත් දකින්න ලැබෙන්නෙ අවුරුදු 7කට ආසන්න කාලයකට පසුවයි. චිත්‍රපටයේ එන “Thai Kelavi” Lyric වීඩියෝව යූටියුබ් නැරඹුම්වාර මිලියන 24ක් පමණ නරඹා තිබෙනවා. “Megam Karukutha” Lyric වීඩියෝව නැරඹුම් වාර මිලියන 40කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙනවා. මෙහි එන හාස්‍ය මුසු ගීතයක් වන “Thenmozhi” ගීතය ගායනා කරන්නේ සංගීත අධ්‍යක්ෂක වරයෙක් වන සන්තෝෂ් නාරායන්. ධනුෂ්ගෙ ජගමේ තන්ධිරම් (2019) වගේම Vada Chennai (2018) චිත්‍රපට වලට සංගීතය සපයා තිබෙනවා. එක් ගීතයක් හැර(“Life of Pazham”) අනෙත් සියලුම ගීත රචනා කර ඇත්තේ ධනුෂ් විසින්.

ධනුෂ්ගෙ මාරන් (2022) ආවාද ගියාද දන්නෙ නැතිවම අතුරුදහන් වුණා. කොරෝනා අස්සෙ තිරගත වුණ Pattas (2020) චිත්‍රපටයෙන් පස්සෙ ධනුෂ්ගෙ චිත්‍රපටයක් තිරගත වෙන්නෙ Karnan (2021) චිත්‍රපටය. කර්ණන් සාර්ථක ආදායම් ලබමින් තිරගත වුනත් නීරෝධායන නීති තද වීමත් එක්ක ආයෙමත් සිනමා ශාලා වැහෙනවා. ප්‍රේක්ෂකයින් ගොඩක් කල් බලාගෙන හිටියා ධනුෂ්ගෙ චිත්‍රපටයක් සිනමා ශාලාවල තිරගත වෙනකල්. සන් පික්චර්ස් නිෂ්පාදනයෙන් මේ චිත්‍රපටය කෙලින්ම සිනමා ශාලාවලදී තිරගත වෙනවා. ඒ වෙනකල් බලාගෙන හිටිය ප්‍රේක්ෂකයින්ට මේ වතාවෙ නම් බලාපොරොත්තු කඩවීමක් වුණේ නැහැ. විවේචකයන්ගෙන් වගේම ප්‍රේක්ෂකයින්ගේද හිත් දිනා ගැනීමට තිරුචිට්‍රම්බලම් සමත් වෙනවා.

තිරුචිට්‍රම්බලම් චිත්‍රපටයේ තිරු සහ ශෝභනා ප්‍රේක්ෂක ආදරයට පත් වූ අයුරු.

නිත්‍යා මෙනන් මෙහි ශෝභනා ලෙසින් රඟපානවා. නිත්‍යාට ශෝභනාගේ චරිතයත් එක්කම තව තවත් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට හැකි වෙනවා. 16 Vayathinile, Sivappu Rojakal, Kizhake Pogum Rail ආදි චිත්‍රපට තැනූ අධ්‍යක්ෂක භාරතිරාජා මෙහි ජ්‍යෙෂ්ඨ පළම් විදිහට හමුවනවා. කොහොම හරි බාරතිරාජා අධ්‍යක්ෂණයෙන් රංගනයට යොමු වුණා. චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් විදිහට ඔහුගේ රංගනය ආකර්ෂණීයයි. ප්‍රකාෂ් රාජ්ගෙ රංගනය ගැන කියනව නම් දෙබස් නැතිවම ඇස්වලට කඳුළු එක් කරන්න ඔහුට හැකියාවක් ලැබෙනවා. බොහෝ වෙලාවට ප්‍රකාෂ් රාජ්ව මෑතක නිකුත් වුණ චිත්‍රපට කිහිපයක දකින්න ලැබෙන්න ඇති. කොහොම වුණත් පුරුදු චරිතයෙන් පිට මෙහි ප්‍රකාෂ් රාජ්ගේ චරිතයේ වෙනස් ආකාරයක් ගන්නවා.

මේ චිත්‍රපටිය නිකුත් වූ දිනයේ ආදායම ඉ. රු. කෝටි 9ක්. මේ වනවිට බොක්ස් ඔෆිස් ආදායම ඉ.රු. කෝටි 100 ඉක්මවූ බවට සිනමා ට්‍රැකර්ස්, පුවත්පත් විසින් පළ කරනවා. තමිල්නාඩුවේ පමණක් ආදායම ඉ.රු. කෝටි 82ක් පමණ ලබා තිබෙන බවත් කියනවා. ඒත් සන් පික්චර්ස් බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා හෙළි කිරීමෙන් වළකිනවා. කලින් නිකුත් වුණ හැම චිත්‍රපටයකම නිළ බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා ප්‍රසිද්ධ කරනු ලැබුවේ නැහැ. කොහොමින් හරි Tier 2 නළුවන් වුණ සූරියා, කාර්ති, ධනුෂ්, ශිවකාර්තිකෙයන් යන අයට මේ අවුරුද්ද සාර්ථක එකක් වෙලා තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 8.2 /10 3,487 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dhanush isThiruchitrambalam
Thiruchitrambalam
Bharathiraja isThiruchitrambalam Sr.
Thiruchitrambalam Sr.
Prakash Raj isInspector Neelakandan
Inspector Neelakandan
Munishkanth isSubbaraj
Subbaraj
Revathi isPazham's mother
Pazham's mother
Sriranjini isRajeswari
Rajeswari

Similar titles

Deewana (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anel Meley Pani Thuli (2022) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanban (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalli Pogathey (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaalvi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Love You I Hate You I Love You (Short 2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Suresh February 26, 2023 Reply

    Link wada na meke

    • Cinesubz February 26, 2023 Reply

      2023-02-26
      පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅

Leave a Reply to Suresh Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published