EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Veteran (2015) | සාධාරණය උදෙසා

 

2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා තියෙනවා.සම්මාන වල නම් කියන එකේ තේරුමක් නෑ කියලයි මම නම් හිතන්නෙ.මෙහි බජට් එක ඇ.ඩො.මිලියන 5.1 ක් වගේම ඇ.ඩො.මිලියන 92 ක ආදායමක් ලබන්නත් සමත්වෙලා තියෙනවා.ඒ ටික දැක්කම තවත් කයිවාරු ගහන්න ඕනෙ නෑනෙ මේ චිත්‍රපටිය ගැන,නේද?

මේ movie එකේ නම ‘veteran’කියලා තිබුනට මමත් ඒකෙ තේරුම දැනන් හිටියෙ නෑ.හොයලා බැලුවම  veteran කියන්නෙ හොදින් පලපුරුදු ඇති හමුදා නිලධාරීන්ට කියන නමක්.ඒ වගේම පලපුරුදු නලුවන්ටත් කියනවා veteran කියලා. කොහොම හරි තේරුම වෙන්නෙ අන්තිමට ‘පලපුරුඳු ඇති’ කියන එක තමයි..කොහොම උනත් මේ කතාවට අනුව නම් පලපුරුදු එහෙම නැත්නම් හොදට තෙම්පරාදු වුන පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නෙ.

2015 අගෝස්තු මස 5 වන දින තමයි මේ movie එක තිර ගත උනේ.imdb අගය 7.1 ක් අරන් තියෙන මේ movie එකේ action/crime/drama/police/comedy මේ හැම දෙයක්ම තියෙනවා.මම මේකෙ කතාව කියන්න නම් කියන්න හිතන්නෙ නෑ වෙනදා වගේ..ඒත් යන්තමට කියනවනම්,

පරීක්ෂක  Seo Do-cheol(hwang jung min) කියන්නෙ අපරාධ පෙන්නන්න බැරි අමාරු නිලධාරියෙක්.ඒත් මෙයාගෙ යාලුවෙක් දිවිනසා ගන්න උත්සහ කිරීම ගැන විමර්ශනය කරද්දි හොයා ගන්නවා sin jin සමූහ ව්‍යාපාරයෙ මිලියන පති කෙනෙක්ගෙ මුරණ්ඩු හෙන අපත තරුණ පුතෙක් වන Jo Tae-oh(yoo ah in)කේස් එක පිටි පස්සෙ ඉදන් මේක වහන්න හදනවා කියලා. Seo Do-cheol ගෙ ටීම් එක කොහොම හරි කරල Tae-oh ව අල්ලන්න හැදුවත් Tae-oh හැම වෙලාවෙම බේරෙනවා එයාගෙ බලය පාවිච්චි කරලා…ඔච්චරයි කියන්නේ.

ඉතින් මේ නිලධාරියට මොන මොනවා වෙනවද?කොහොමද මෙයාව අල්ල ගන්නෙ?කියලා ඔයාලම බාගෙන බලන්න.ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වගේම බැලිය යුතු චිත්‍රපටියක්  තමයි මේක.

    Veteran Complete Collection
  1. Veteran (2015)
  2. I, The Executioner (2024)

Comments