අන්-හෝ කියන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කරන එක රස්සාවක් විදිහට කරන, හැබැයි “මම නම් කවදාවත් මනුස්සයෙක් වෙන්නෙ නෑ” කියලා තදින්ම හිතාගෙන ඉන්න, ලෝකෙ ගැන ටිකක් කලකිරීමෙන් ඉන්න ගුමිහෝ කෙනෙක්. ම්යෝහ්යං කන්දේ ඉඳන් සියවස් ගාණක් තිස්සෙ මනුස්සයෙක් වෙන්න පෙරුම් පුරපු එයා, අන්තිමට තීරණය කරනවා “මට මනුස්සයෙක් වෙන්න ඕන නෑ” කියලා. හැබැයි, තමන් ගැන විතරක් හිතන උද්දච්ච, ඒත් හිත ඇතුලෙන් හොඳ පාපන්දු තරුවක් වෙන කං සි-යොල් එක්ක වෙන හදිසි අනතුරක් නිසා අන්-හෝ එකපාරටම සාමාන්‍ය මනුස්සයෙක් බවට පත් වෙනවා. වැරදිච්ච එක ප්‍රාර්ථනාවක් හින්දා මේ දෙන්නා අතරෙ අමුතුම, අවුල් ජාලාවක් වුන ආදර කතාවක් පටන් ගන්නවා. මොකද ආදරේ කියන දේ කවදාවත් එයාගේ සැළැස්මෙ තිබුන දෙයක් නෙවෙයි. සි-යොල් කියන්නෙ Thames FC එකේ ප්‍රධාන ස්ට්‍රයිකර් (ප්‍රහාරකයා). එයා කණ්ඩායමක් එක්ක එකතුවෙලා වැඩ කරන්න ගැලපෙන්නෙ නැති චරිතයක් වුනත්, පරදින්න යන කණ්ඩායමක් වුනත් තනියම කරේ තියාගෙන දිනවන්න පුලුවන් තරම් දක්ෂයෙක්. පිටින් දිලිසුනාට එයාගෙ ජීවිතේ හරිම ඒකාකාරී, රූටින් එකකට යන ජීවිතයක්. හැබැයි අන්-හෝ මීට අවුරුදු නමයකට කලින් එයාට දීපු අද්භූත බිස්නස් කාඩ් එකක් හින්දා ආපහු හම්බුනාම එයාගේ මේ සමබර වෙලා තිබ්බ ජීවිතෙත් කණපිට හැරෙනවා.

දෛවයේ සරදමකට ඒවගේම අර වැරදුනු ප්‍රාර්ථනාව නිසා මේ දෙන්නට එකට පැටලෙන්න සිද්ධ වෙනවා. රණ්ඩු වෙවී යාලු වෙන, කටට කට ගහන දෙබස් තියෙන, වැරදි වැටහීම් පිරුණු, එයාලා “අපෝ නෑ” කිව්වට දෙන්නා අතරේ ආදරේ ගිනි පුපුරු විසිවෙන love-hate සම්බන්දයක් ගොඩනැගෙනවා. මේ අද්භූත සිදුවීම් සහ ඇත්ත හැඟීම් එකිනෙක ගැටෙද්දි, මේ දෙන්නට තේරෙනවා කඩන්න අමාරුම නීති ටික තමා තමන්ගේ හිත ඉල්ලන දේවල් නිසා කැඩෙන නීති කියලා. මනුස්සකමට වඩා තමන්ගේ පාඩුවෙ ගෙවන ජීවිතේ තෝරගත්ත අන්-හෝගෙ පිළිවෙලට තිබ්බ ලෝකෙ, සි-යොල් ව මුණගැහුනට පස්සෙ ලෙහා ගන්න බැරි අවුල් ජාලාවක් වෙන්න පටන් ගන්නවා.

එයාට ආපහු ගුමිහෝ කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද?
පාපන්දු ක්‍රීඩකයා එක්ක එයාගෙ තියෙන සම්බන්දෙ මොකක්ද? ඇයි දෛවය එයාට මෙහෙම කලේ?
එයාට ආපහු එයාගෙ තරුණකම ගන්න පුලුවන් වෙයිද?
මේ කියන ප්‍රශ්නවලට වගේම කතාව බලද්දි කුතුහලය, ආදරය ඒවගේම හිනාව අතරෙ අපිට දැනෙන හැඟෙන දේ බොහෝමයි.. එහෙනම් වෙනස්ම රසයක, ලස්සන කොරියානු කතාමාලාවක් හිනාවෙවී බලාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ උචිනි පෙරේරා විසින්.

Comments

February 13, 2026

මේක මරු 💖 S1 එකේ full episode කීයක් තියෙනවද ? dear කවද්ද Ep 9 ඉදන් එන්නෙ ?

February 18, 2026

ithuru episode 4 dennakooooooooooooooooooooooo

March 5, 2026

meke 11 12 nedd episodes