කොහොමද යාළුවනේ, සෑහෙන දවසකට පස්සෙ ආයෙත් ආවා සුපිරිම කොරියන් සීරීස් එකක් අරගෙන.. සීරීස් එකේ නම තමයි Bloodhounds.Netflix හරහා 2023 ජුනි 09 වෙනිදා නිකුත් වුන Bloodhounds කතා මාලාව කොටස් 08 කින් යුක්තයි.. බොක්සිං වලට ඇලුම් කරන ඔබ නැරඹිය යුතුම කතාවක් තමයි Bloodhounds කියන්නෙ.. මෙහි සටන් ජවනිකා ඉතා තාත්වික අයුරින් රූගත කර තිබෙනවා මෙන්ම මෙහි ප්‍රධාන නළුවන් ඔවුන්ගේ ශරීර කතාවට ගැලපෙන අයුරින් සාදාගැනීමටද විශාල වෙහෙසක් වී තිබෙනවා.. ඒ වගේම කියන්න ඕනෙ මේ කතාව බලන්න පටන් ගන්න කෙනෙක් මුළු කතාවම එක හුස්මට බලල තමයි නවතින්නෙ. මොකද එච්චරටම රසවත් කතාවක් තමයි මේක ඇතුලෙ තියෙන්නෙ..

IMDB 8.1 අගයක් වාර්ථා කරන Bloodhounds කතා මාලාව නිර්මාණය කර තිබෙන්නේ Joo Hwan-Kim විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Woo Do-Hwan කිම් ගුන්-වූ ලෙසත්, Lee Sung-Yi හොන්ග් වූ-ජින් ලෙසත්, Park Sung-Woong ප්‍රධාන සතුරා වන කිම් මියුන්ග්-ගිල් ලෙසත් රංඟනයෙන් දායකත්වය ලබා දෙනවා..

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන අසාධාරනයේදී නැඟී සිටින කණ්ඩායමක් වටා තමයි මේ කතාව දිවයන්නෙ. විටෙක සිනහවෙන්ද, විටෙක කදුලින්ද කොටස් 08 ක් පුරාවට නරබන්නන් ඇද බැද තබා ගන්නා Bloodhounds බලන්න අදම ඔබත් BAISCOPLK සමග එකතු වෙන්න..

එහෙනම් අපි බලමු පළවෙනි කොටස ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියලා.. කිම් ගුන්-වූ දැඩි අධිශ්ඨානයක් තිබෙන බොක්සිං ක්‍රීඩකයෙක්.. ක්‍රීඩාවට අවතීර්ණ වී වැඩි කලක් නැතත් ඉක්මනින්ම බොක්සිං වලල්ල තුල අනසක පැතිරීමට ගුන්-වූට හැකිවෙනවා.. මේ අතර වාරයේ පැවති තරඟාවලියක අවසාන තරගෙයේදි තමයි ගුන්-වූට වූ-ජින් මුණගැසෙන්නෙ.. දෙදෙනාම අතිදක්ෂයින් වුවත් ගුන්-වූගේ දරුණු “ලීවර් ෂොට්” පහර නිසා වූ-ජින් පසුබසිනවා.. කෙසේ හෝ අවසානයේදි වූ-ජින් හා ගුන්-වූ අඹ යහළුවන් බවට පත්වෙන්නෙ ඔවුන් දෙදෙනාම මැරීන් බලකායෙ සේවය කර ඇතිබව දැනගැනීමෙන් අනතුරුවයි.. මේ අතර ගුන්-වූගෙ මව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ඇයගේ කඩය කරගෙන යන අතර, ලබාගත් ණය මුදල පියවීමට ප්‍රමාද වීම නිසා ඇය යම් පසුතැවීමක පසුවෙනවා.. මේ අතර තමයි “ස්මයිල් කැපිටල්” සමාගමේ පුද්ගලයෙක් ඇයගේ කඩයට පැමින ඇයට පිහිට වීමට හැකි බව පවසන්නෙ..

කවුද මේ පුද්ගලයා ? ස්මයිල් කැපිටල් සමාගම කියන්නෙ මොකක්ද ? මේ ප්‍රශ්නවලට උත්තර බලාගන්න Bloodhounds පළවෙනි කොටස බලන්නම වෙනවා.. එහෙනම් සිනහවෙන්, කදුලින් හා දරුණු සටන් වලින් පිරුණු Bloodhounds මේ කතා මාලාව නරඹන්න ආරාධනා කරනවා…

Season 02

Season 02 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments

February 3, 2025

Brother solo leveling Anime tv series එකේ season 2 ඇවිත් තියෙන්නෙ ඒකත් ඉක්මනට දෙන්නකො.

February 3, 2025

Episode 1 යි ද තියෙන්නෙ මෙකේ

February 3, 2025

ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකෝ

February 4, 2025

Godak kal balanna asaven hitapu ekk thank uuu 🥹

February 4, 2025

brewing love tv series ඒකත් ඉක්මනට දෙන්නකො.

February 7, 2025

Ane han hyu jooge cold eyes film ek dennko

February 9, 2025

සබ් පමනක් අවශ්‍ය අයට Baiscoplk වෙතින් ලබා ගත හැක.. සබ් එක මගේ..
පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යමල්ලා. සෑහෙන කට්ටක් කාල හදපු සීරීස් එකක්.

February 11, 2025

Thanks bro sub ekata. ithuru episode tikath ikmanata danna. 🙂

April 3, 2026

Bro bloodhound season 2 dannko

April 4, 2026

Bloodhound 2 dennakoo ikamanata pleaseee

April 5, 2026

Still shining kdrama ek dennko

April 5, 2026

Thanks❤️

April 6, 2026

Season 2 set na echcharam