The Abandons (2025) | TV S01 Complete
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-07 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
කතාව පටන් ගන්නේ 1850 අවුරුද්දේ.. Angels’s Hidge හෙවත් ඒන්ජල් කියන මනරම් කඳුවැටිය පාමුල නිම්නයක් එහෙමත් නැත්තම් Hollow එකක් තුළ පිහිටි පුරාණ ගමක් හරහා තමයි ප්ලොට් එක ගොඩනැගෙන්නේ.. පවුල් කිහිපයක් ජීවත් වෙන මේ ගමේ කතාවේ හැටියට ප්‍රධාන පවුල් දෙකකට මූලික අවධානේ දෙනවා.. ඒ තමයි “ෆියෝනා නෝලන්” ගේ පවුල සහ “කොන්ස්ටන් වැන් නෙස්” ගේ පවුල.. ෆියෝනා ගේ පවුලට තමයි මේ කතාවේ නම දීලා තියෙන්නේ “The Abandons” කියලා.. ඒකේ තේරුම තමයි “අනාථයෝ” ඒ කියන්නේ ෆියෝනා කියන පවුලේ නායිකාව එහෙමත් නැත්තම් අම්මට ළමයි නෑ.. ඒ වෙනුවට කාලෙකට කලින් මෙයාලා මේ ජීවත් වෙන ඉඩම දුන්න කෙනෙක්ගේ ළමයි දෙන්නෙකුත් මේ අය අතර ඉන්නවා.. ඒ තමයි ඩාලියා ටෙලර් සහ එලායස් ටෙලර්.. මීට අමතරව තව තරුණ කළු ජාතික කොල්ලෙකුයි, සියැටල් වල කලින් ජීවත් වුණ ගෝත්‍රික කෙල්ලෙක් ඉන්නවා ලිලා කියලා.. කොන්ස්ටන් ගේ පවුල ගත්තාම මේ ඒන්ජල් රිජ් වල ජීවත් වෙන ධනවත්ම පවුල තමයි කොන්ස්ටන්ගේ පවුල.. ඒ පවුලේ වාසගම තමයි “වැන් නෙස්”.. ගැරට් වැන් නෙස්, විලෙම් වැන් නෙස් සහ ට්‍රිෂා මරී වැන් නෙස් කියලා ළමයි තුන්දෙනෙක් ඉන්නවා මේ කොන්ස්ටන් ට.. ඉතින් වැන් නෙස් කියලා ව්‍යාපාරයක් මෙයාලට තියෙනවා රිදී පතල් කැණීම් කරන.. මේ රිදී පතල් කැණීම් ප්‍රශ්නයක් තමයි ෆියෝනා ගේ සහ කොන්ස්ටන් ගේ විරුද්ධවාදීකමට හේතුව.. මේක එසේ මෙසේ තරහක් නෙමේ මිනී මැරෙන තරහක්..
දවසක් මහ රෑ කොන්ස්ටන් ගේ සහචරයෝ ටිකක් අශ්වයෝ පිට නැගලා ඇවිත් ෆියෝනගේ ඉඩමේ ගාල් කරලා තිබ්බ හරක් කොටුව වටේට ගිනි තියලා හරක් කලබල කරනවා.. මෙතනදි හරක් ටිකක් මැරෙනවා වගේම මේ මොහොත කොන්ස්ටන්-ෆියෝනා ආරවුල තවත් උත්සන්න වෙන්න හේතුවක් වෙනවා.. ඒ අස්සේ මේ පවුල් දෙකේ වැදගත් එක චරිතයක් අනික් පවුලේ කෙනෙක් අතින් ඝාතනය වෙනවා.. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය.. මම කියන්නේ නෑ කවුද මෙහෙම මැරුම් කන්නේ කියලා.. එතන ඉඳන් තමා කතාවේ හොඳම කොටස දිගහැරෙන්නේ..









