
ඉතින් හැමෝටම කොහමද? ඔන්න එහෙනම් මම අපි කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවකට උපසිරැසි අරගෙන ආවා, Alchemy of Souls කතා මාලාවේ (Lee Jae Wook) ජං යුක්ව නොදන්න කෙනෙක් නැහැ නේද? ඉතින් ඔහුගේ අලුත් ඩ්‍රාමා එකට තමයි මම මේ උපසිරැසි අරගෙන ආවේ, මමත් මේ කතාව එනකන් ගොඩක් කල් තිස්සෙ බලාගෙන හිටියා, මේ කතා මාලාවේ කථාංග 11ක් තියනවා, Netflix හරහා මැයි 16 වෙනිදා ඔක්කොම විකාශය වුනා.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, ජොසොන් රාජවංශයේ අගභාගයේදී, වෙළඳාම හරහා පවුලක් රජ කරන කාලේ ඔවුන්ගේ එකම පුතා හොංරන් අතුරුදහන් වෙනවා, ඉතින් මේ හොංරන් අවුරුදු 12ක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉදලා තමන්ගේ ලමා කාලේ ගැන මතකය නැතුව ආපහු ගෙදරට එනවා,
අවුරුදු 12 පුරාවටම මේ ගෙදරට ආපු වංචාකාරයෝ නිසා අවුරුදු 12කට පස්සෙන් ආපු හොංරන්ටත් පිළිගැනීමක් ගන්න ලේසි වුනේ නැහැ, හැබැයි මේ පාර ආපු හොංරන් ඇත්තම කෙනා විදියට පිළිගන්න පුළුවන් සාක්ෂි ලක්ෂන පෙන්නනවා, ඉතින් පවුලේ හැමෝම සාක්ෂි එක්ක පිළිගත්තත් ඔහුගේ අර්ධ සහෝදරිය වන ජේ-යී මේ ඉන්නේ ඇත්ත හොංරන් කියලා විශ්වාස කරන්නේ නැහැ, මීට කලින් ආපු වංචාකාර හොංරන්ලාට නොයෙකුත් ආකාරයේ දඩුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වුනත්, දැන් ආපු කෙනා ඒගොල්ලොන්ට වඩා වෙනස් කියන එක ජේ-යිට දැනෙන්න ගත්තා, ඉතින් ඒ නිසා ඇය අකමැත්තෙන් වුනත් ඔහුව පිළිගෙන ඔහුගේ ඇත්ත හොයාගන්න උත්සහා කරනවා.
ඉතින් ජේ-යිට ඇත්ත හොයාගන්න පුළුවන් වෙයිද?
එත් මේ ඉන්නේ ඇත්තම හොංරන්ද?
මේ වංචාකාරයෙක්ද?
මේ ඇත්ත කෙනාද?
කතාව බලලාම ඒ ගැන දැනගන්නකෝ,
Thank you so much aaa ❤️❤️
Perfect family dennako 🙃
thanks for this series
Alchemy of souls season 2 gennako
Eka thiyenava
Alchemy of souls season dekama dila thiyenne balanna
Thanks me series ekath denna patan gatta eka.asawen hitiye balanna.
Good job bro ,…
너무 구마워요.
Ithuru episode tikath dnwd
Season 02 nadda ?
Okkom episode 12 k kiyala google eke pennawa anyway goood job