Phantom Lawyer (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageමේ ලස්සන කතාව ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් ඉමෝශනල් වගේම ඇඩ්වෙන්චරස් කතාවක්. මේකෙ තියෙන්නෙ අහම්බෙන් සිද්ධවෙන සිද්ධියක් නිසා භූතයන්ව ඇහෙන සහ පෙනෙන නීතීඥවරයෙක් වුණ ශින් ඊ-රන්ග් (ඒ වගේම සමහර වෙලාවට ඒ භූතයන්ට ඊ-රන්ග්ගෙ ඇඟට ආවේශ වෙන්නත් පුළුවන්) සහ ගොඩක් දක්ෂ කිසිම නඩුවක් පරාද වෙලා නැතුව හිටපු හන් නා-යුන් කියන නීතීඥවරිය එකතු වෙලා අසාධාරණයන්ට ලක් වෙලා මිය යන්න වුණු භූතයන්ගෙ පරීක්ෂණ වලට උදවු වෙලා එයාලට නීතියෙන් වගේම මානසිකවත් උදවු කරන කතාවක්.
ශින් ඊ-රන්ග් කියන්නෙ මුලින් ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙන නීතීඥ බලපත්‍රය ගත්තත් කිසිම නීති ආයතනයකින් වැඩට ගත්තෙ නැති අඳුරු අතීතයකින් බැට කන නීතීඥයෙක්. මේ නිසා අන්තිමට එයා තීරණය කරනවා එයාගෙම නීති කාර්‍යාලයක් විවෘත කරන්න. හැබැයි එයා නොදැනුවත්ව එයාගෙ කාර්‍යාලය වෙනුවෙන් ගන්නෙ ඊට කලින් යකැදුරු නිවාසයක් තිබුණ තැනක්. එතනදි වෙන අහඹු සිද්ධියක් නිසා එයාට භූතයොන්ව පේන්න, ඇහෙන්න ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට ඒ භූතයො මෙයාගෙ ඇඟට ආවේශ පවා වෙනවා. එයා කොහොම වුණත් ගොඩක් හිත උණු වෙන කෙනෙක් නිසා ඒ හැම භූතයෙක්ටම උදවු කරනවා. කොහොම හරි මේ අමුතු බලය නිසා මරු මරු, අමුතු, අත්භූත, ත්‍රාසජනක දේවල් ගොඩකට එයාට මුහුණ දෙන්න වෙනවා ඒවා කතාව බලලම දැනගන්නකෝ.
අනික් අතට හන් නා-යුන් කියන්නේ අති දක්ෂ කිසිම නඩුවක් පරාද නොවී හිටපු, දිනන එක එයාගෙ එකම අභිලාශය කරගත්තු, දිනන එක වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති නීතීඥවරියක්. හැබැයි අහම්බෙන් එයාගෙ ජීවිතේ ඊ-රන්ග්ගෙ ජීවිතේ එක්ක ගැට ගැහුනට පස්සෙ ඊ-රන්ග් මුහුණ දෙන අමුතු සිදුවීම් වල කොටස් කාරියක් වෙන්න එයාටත් සිද්ධ වෙනවා. මුලින් මේ ඊ-රන්ග්ට භූතයො පේනව කියන දේ එයා පිළි නොගත්තත් පස්සෙ ටිකෙන් ටික ඒකෙ ඇත්ත-නැත්ත තේරුම් ගන්න එයා, එයාගෙ තිබුණ අයිස් වගේ සීතල පෞරුෂයෙන් මිදිලා එයාගෙ හිතේ හැංගිලා තිබ්බ අතීත වේදනාවන් හොඳ කරගන්න ගමන් ඊ-රන්ග් එක්ක එකතු වෙනවා.
ඉතින් මේ දෙන්නට සහ එයාලගෙ භූත ක්ලයන්ට්ස්ලට මොන වගේ අභියෝග, කරදර වලට මුහුණ දෙන්න වෙයිද? එයාල ඒවට සාර්ථකව මුහුණ දෙන්නෙ කොහොමද? ඊ-රන්ග් සහ නා-යුන් දෙන්නගෙ අනාගතේ කොයි වගේ වෙන්න නියමිතයිද? මේ හැම ප්‍රශ්ණෙකටම උත්තර ඕනෙ නම් මේ සුපිරි කතාව බලන්නම වෙනවා.
මං එහෙනම් මීට වඩා හෑලි කියවන්න යන්නෙ නෑ.
සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ කසුන් මධුසංක විසින්.
- 1
Episode 1 Mar. 13, 2026 - 2
Episode 2 Mar. 14, 2026 - 3
Episode 3 Mar. 20, 2026 - 4
Episode 4 Mar. 21, 2026 - 5
Episode 5 Mar. 27, 2026 - 6
Episode 6 Mar. 28, 2026 - 7
Episode 7 Apr. 03, 2026 - 8
Episode 8 Apr. 04, 2026 - 9
Episode 9 Apr. 10, 2026 - 10
Episode 10 Apr. 11, 2026 - 11
Episode 11 Apr. 17, 2026 - 12
Episode 12 Apr. 18, 2026 - 13
Episode 13 Apr. 24, 2026 - 14
Episode 14 Apr. 25, 2026 - 15
Episode 15 May. 01, 2026 - 16
Episode 16 [ S01 Last Episode ] May. 02, 2026















