CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3015 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
How to Train Your Dragon: The Hidden World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

How to Train Your Dragon: The Hidden World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 03, 2019USA104 Min.
Your rating: 0
9.9 8 votes
How to Train Your Dragon: The Hidden World (2019) | දෙලොවක ආදර අන්දර..!

How to train your dragon (HTYD) මුල්ම සිනමා කෘතිය එළි දකින්නෙ 2010 වර්ෂයේ. IMDb මීටරය කරකවල පළමු වටයෙන්ම හොඳම 250 අතරට එන්න සමත් වුණු ත්‍රිමාණ සජීවීකරණ සිනමාවක් බවට HTYD සමත් වුණා. ඊට පස්සෙ නැවත අපිට මෙහි දෙවැනි දිගහැරුම ලැබෙන්නෙ How to train your dragon (2014) විදියට, අවුරුදු හතරකට පස්සෙ. ඊටත් පස්සෙ How to train your dragon : The Hidden World (2019) නිකුත් වෙන්නෙ ඉන් වසර 5කට ආසන්න කාලෙකට පස්සෙ. ලේසි පහසු නෑ මෙය 2019 පෙබරවාරි 22 විකාශය ඇරඹුණු සතියෙ සති අන්තයේ ඇ:ඩො:මි $55ක ආදායමක් ලබනව. ඇමරිකාව සහ කැනඩාව තුළ පමණක් ඇ:ඩො:මි $148 ක් මේ වෙද්දි ආදායම් ලබල තියෙනව. ඒ වගෙම ලෝකෙ වටේම ගත්තම ඇ:ඩො:මි $494ක ආදායමක් ලබල තියෙනව. එතකොට වියදම් කරල තියෙන්නෙ කීයද දන්නවද? ඇ:ඩො:මි $129 ක් විතරයි. පේනවනෙ මාසයක් වගේ ඇතුළෙ ලබල තියෙන ආදායම කොහොමද කියල. මේ වෙනකොට IMDb දර්ශකයේ 7.9ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙනත් අවසන්. අධ්‍යක්ෂණය Dean DeBlois විසින් සිදු කරල තියෙන්නෙ, Cressida Cowell තමයි මේ කතා මාලාවේ නියම හිමිකරු. දැන් ඉතිං කතාව පැත්තට හැරෙමු නේ.

කලින් කතාව තුළදි අපි දැක්ක, බ්ලඩ්ෆිස්ට් නිසා දූෂිත වුණු ඇල්ෆාගෙ බලපෑම නිසා ටූත්ලස්, හිකප්ට එල්ල කරපු ප්‍රහාරය වලක්වන්න ගිහින් හිකප්ගෙ තාත්ත මැරුණ. ඒත් ඒ ඔක්කොම සටන් අවසානයේ ටූත්ලස් හැම මකරෙකුගේම ඇල්ෆා බවට පත් වුණා. හිකප් වයිකින්වරුන්ගේ නායකයා බවට පත් වුණා. ඒ ඔක්කොම එහෙම තියෙද්දි ඉතිං මේ වතාවෙ හිකප්, ටූත්ලස් ඇතුළු පිරිස මූණ දෙන්නෙ කලින් කතා දෙකටම වඩා ඉතාම දරුණු ඝාතකයෙක් එක්ක. හිතල බලන්න, අනිත් හැම ජාතියකම මකරු ඕන පදම් ඉද්දි ඇයි නයිට් ෆියුරිල විතරක් එක්කෙනෙක් ඉන්නෙ. ඔන්න ඔ‍ය ප්‍රශ්නෙට උත්තරය තමයි ග්‍රිමෙල් කියන්නෙ. ග්‍රිමෙල් කියල කියන්නෙ නයිට් ෆියුරි ඝාතකයෙක්. ඉතිං ඔහුගේ ඝාතන රැල්ල නිසා තමයි නයිට් ෆියුරිල වඳ වෙලා ගිහින් තියෙන්නෙ. කතාව ආරම්භ වෙන්නෙ හිකප්, ඇස්ට්‍රිඩ් ඇතුළු යාළුවො පිරිස යනව නැව් වගයක හිරකරගෙන ඉන්න මකරු ටිකක් බේර ගන්න. ඒක සාර්ථක කර ගන්න හැකි වුණත්, මේ මකරුන් නිදහස් කර ගැනීම ගැන මකරු අල්ලගත්ත පිරිස ඉන්නෙ ලොකු කේන්තියකින්. ඉතිං ඒ නිසා තමයි ඔවුන් ග්‍රිමෙල්ගෙ උපකාර ඉල්ලන්නෙ. ඒ අනුව තමයි ග්‍රිමෙල් ටූත්ලස් පස්සෙ පන්නන්නෙ. හෝව් හෝව්.. එතකොට කවුද අර ලස්සන සුදු කෑල්ල. ඔව් ඔව්.. අවසානෙ ටූත්ලස්ටත් හරියනව. නයිට් ෆියුරි වර්ගයාගෙ අවසන් ගැහැණු සත්වයා ඉන්නෙ මේ මකරු අල්ලන පිරිස එක්ක. ඇය ලයිට් ෆියුරි කෙනෙක්. කොහොමහරි ටූත්ලස් ඇය ගැන දැනගත්තට පස්සෙ ආලයෙන් මුසපත් වෙනව. කෑල්ල පට්ට ලස්සන වුණාට කට්ට කාල තමයි ටූත්ලස් මෙයාව යාළු කර ගන්නෙ. ඉතිං මේ ඔක්කොම මෙහෙමෙ වෙන අතරෙ ග්‍රිමෙල්, හිකප්ගෙ ගෙදරටම ඇවිල්ල තර්ජනය කරන්නෙ, ටූත්ලස්ව මරන්න ඉඩ නොදුන්නොත් මුළු ගමම විනාශ කරනව කියල. ඊට පස්සෙ තමයි හිකප් තීරණය කරන්නෙ එයාගෙ තාත්ත පුංචි කාලෙ එයාට කියල දුන්න කතාන්දරයක එන මකරුන්ගේ ක්ෂේම භූමිය වෙන සැඟවුණු ලෝකය හොයාගෙන ගමෙන් පිටත් වෙලා යන්න. එතනින් එහාට සම්පූර්ණයෙන්ම තියෙන්නෙ කලබැගෑනිම තමයි.

කතාව ලොකුවට විස්තර කළාම බලන්න දෙයක් නැති වෙනව නේ. ඉතිං හිකප්ට මේ සැඟවුණු ලෝකය හොයාගන්න හැකි වේවිද? ලයිට් ෆියුරි පේන තරම්ද හොඳද? ග්‍රිමෙල් අවතක්සේරුවට ගැනීම හිකප්ට ඇති කරන කරදර මොනවද? අවසානෙ මොකක් වෙන්න පුළුවන් ද? ඔය ඔක්කොටම උත්තර පැය 1 විනාඩි 40 කින් දැනගන්න පුළුවන්. අවසාන විනාඩි කීපයේ කාලය විශාල ලෙස හකුළුවා දැක්වීමක් වෙන නිසා ආයෙත් මේ තුළින් සිනමා නිර්මාණයක් බිහි වේවිද කියන්න නම් දන්නෙ නෑ. එහෙනම් ඉතිං හිකප්, ටූත්ලස් දෙන්න එක්ක සැඟවුණු ලෝකය හොයාගෙන යන්න ලෑස්ති වෙන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උදයංග සම්පත් (Baiscopelk)
IMDb 7.4 /10 166,075 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dean DeBlois
Director

Cast

Jay Baruchel isHiccup (voice)
Hiccup (voice)
America Ferrera isAstrid (voice)
Astrid (voice)
F. Murray Abraham isGrimmel (voice)
Grimmel (voice)
Cate Blanchett isValka (voice)
Valka (voice)
Gerard Butler isStoick (voice)
Stoick (voice)
Craig Ferguson isGobber (voice)
Gobber (voice)
Jonah Hill isSnotlout (voice)
Snotlout (voice)
Christopher Mintz-Plasse isFishlegs (voice)
Fishlegs (voice)
Kristen Wiig isRuffnut (voice)
Ruffnut (voice)
Kit Harington isEret (voice)
Eret (voice)

Similar titles

American Pie Presents: Beta House (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Crab (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nidarr (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Offering (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monsters of Man (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published