EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

HouseFull (2010) | අවාසනාවට කොමඩි කථාවක්…

 

මේ ෆිල්ම් එක 2010 අප්‍රේල් මාසේ තමයි නිකුත් උණේ. අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. අක්ෂේ කුමාර්, රිතේශ් දේස්මුක්, අර්ජුන් රම්පාල්, දීපිකා පදුකෝන්, ලාරා දත්තා විශිෂ්ට රංගනයක නිරත වෙනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සජිද් නදියවාලා. කථාවත් ඔහුගේමයි. මෙහි නිෂ්පාදකවරයා සජිද් ඛාන්. මේ ෆිල්ම් එකේ වර්ණ එහෙම හරිම ලස්සනයි, සංගීතයත් හරිම මිහිරියි.

මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්දනයට හානියක් නොවන විදියට. අවාසනාව කරපින්නා ගෙන ජීවිතය ගෙවන පුද්ගලයෙකු වටා ගෙතුන කතාවක් තමයි මේක. ඔහු සමාජයෙන් කොන් වෙන්නේ මේ නිසා. ඔහුට වරෙක ජීවිතය නැතිකරගන්න පවා හිතෙනවා. ඒත් එයම ඔහුගේ වාසනාව උදාකරන මාර්ගය වෙයිද? හාස්‍ය රසය අනූනව තියෙන මේ ෆිල්ම් එක බලලා ඔයාලා ගොඩක් සතුටු වෙයි කියලා හිතනවා.

Comments