EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Red Shoes AKA Bunhongsin (2005) | අද්භූත පාවහන් යුගලේ වියරුව

 

මම අද අරන් ආපු The Red Shoes කියන චිත්‍රපටය 80%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 5.7ක හොඳ අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2005 ජූනි 30 නිකුත් උන මේ ෆිලුම Horror/ Supernatural යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේමේ ෆිල්ම් එකට පාදක කරගෙන තියෙන්නේ ජනප්‍රිය සුරංගනා කතා රචකයෙකු උන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහත්මයා 1845දී රචනා කරපු The Red Shoes තියෙන සුරංගනා කතාවයි. මේ චිත්රපටය අධ්යක්ෂනය කරන්නේ Kim Yong-gyun විසින් ඒ වගේම Full House කතාමාලාවෙන් අපට හමුවුන Kim Sung-soo සහ Kim Hye-sooPark Yeon-ahKim Ji-eunGo Soo-hee යන නළු නිළියන් මෙහි රංගන දායකත්වය ලබාදෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන නම් වැඩි දෙයක් කියන්නේ නෑ. මොකද කතාව ස්පොයිල් වෙන්න පුළුවන් නිසා. සුන්-ජේ කියන්නේ තමන්ගේ සැමියගේ නොහොබිනා වැඩ නිසා ඔහුව අත ඇරලා තමන්ගේ කුඩා දුව ටේ-සෝ එක්ක තනියෙන් දිවි ගෙවන මවක්. මෙයාට දවසක් දුම්රිය උමං මාර්ගයක තිබිලා රතුපාට ලස්සන කාන්තා පාවහන් යුගලක් හම්බෙනවා. මේක ගෙදරට ගෙනාපු දවසේ ඉඳන් සුන්-ජේටයි, ටේසෝටයි සැනසිල්ලේ ඉන්නනම් හම්බෙන්නේ නෑ. ඉතිං මේ පාවහන් යුගලේ තියෙන අභිරහස මොකක්ද කියලා දැනගන්න ඔයාලත් මේක බලන්න.

Comments

December 28, 2025

❤️