EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dead of Winter (2025) | “ පැහැරගැනීම ”

 

Thriller/Action කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 38යි. අධ්‍යක්ෂණය කරන්නේ Brian Kirk විසින්. රචනා කරන්නේ Nicholas Jacobson-Larson සමඟින් Dalton Leeb.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Emma Thompson, Judy Greer, Marc Menchaca, Laurel Marsden, Brían F. O’Byrne ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව පොඩ්ඩක් කිව්වොත්, තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පස්සේ, බ’බ් තමන්ගේ තරුණ කාලෙදි කපල් එක ගියපු හිල්ඩා කියන වැවට මාලු අල්ලන්න යනවා. මේක හරිම දරුණු කාලගුණයක් තියෙන හුඟාක් හිම වැටෙන කාලයක්. කොහොමහරි සෑහෙන කාලෙකින් යන නිසා පාර හොයගන්න බැරුව ඉන්න අතරේ දර පලන සද්දයක් ඇහිලා ඒ පැත්තට යනවා. බලනකොට ඒ එයාලත් ඒකාලෙ හිටපු තානායම. වයසක පිරිමියෙක් ඉන්නවා. එයාගෙන් වැවට යන පාර අහගෙන කොහොමහ්‍රි වැවට යනවා. මාලු අල්ලන්න ලෑස්තිවෙන අතරේ වෙඩි සද්දයක් ඇහෙනවා. ඔතනින් තමා කතාව් පටන්ගන්නේ.

ඉතින් මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

Comments

November 26, 2025

❤️