Cast
Go Full Cast Pageනිශ්ශබ්ද ගෙයක්
Door Lock කියන්නේ බය හෙමින් එන කොරියානු චිත්රපටයක්.
කතාව තියෙන්නේ කියුන්ග්-මින් කියන තරුණ ගෑණු කෙනා ගැන. ඇය apartment එකක තනිව ජීවත් වෙනවා.
එක් රෑක දොර ලඟින් අමුතු හඩක් ඇහෙනවා.
මුලින් ඇය හිතන්නේ ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා.
ඒත් පස්සේ දොර lock එක කැඩිලා තියෙනවා, ගෙයි ඇතුළේ දේවල් අමුතු වෙන්න පටන් ගන්නවා.
ඇයට බය හිතෙන්න පටන් ගන්නවා.
කවුරුහරි ඇය බලලා ඉන්නවා වගේ හැඟීමක් එනවා.
ඒ කෙනා… ඇය හිතනවට වඩා ලඟයි.
මේ චිත්රපටයේ ලොකු action නෑ.
හඩ, නිශ්ශබ්දතාව, සෙවනැලි වලින්ම බය හදනවා.
ගෙය කියන්නේ ආරක්ෂිත තැනක් කියලා හිතන එකත්, එක රෑක බය වෙන තැනක් වෙන්න පුළුවන් කියලා මේ කතාව කියනවා.
Door Lock බලලා ඉවර උනාම,
නිදාගන්න කලින් දොර lock එක තව එක පාරක් බලන්න හිතෙයි. 🔐😨
Share
Links
Comments





