EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඝාතකයාගේ හෝරාව
2025 සැප්තැම්බර් 5 වෙනිදා එලි දක්වපු චෝ යං-ජුන් රචනය වගේම අධ්යක්ෂණය කරපු, කිම් යොං-සුන් නිෂ්පාදනය කරපු Murder Report තමයි මේ චිත්රපටිය. කතාව ගැන කියනව නම්,
බෙක් සුන් ජු (Cho Yeo-Jeong) කියන්නෙ තොරතුරු පිපාසාවෙන් පෙළෙන වාර්තාකාරිනියක්. එක දවසක් ඇයට ඇමතුමක් ලැබෙනවා තමන් දාම ඝාතකයෙක් කියලා කියාගන්න කෙනෙක්ගෙන්. මේ වෙද්දි සුන් ජු ඉන්නෙ තමන්ගෙ රැකියාවෙ තීරණාත්මක තැනක. ඒ කියන්නෙ රැකියාව නැති වෙන අනතුරක..
තමුන් දැනටමත් මිනිස්සු 11ක් මරපු බවත් තමන්ගෙ කතාව ඇහැව්වොත් ඊලඟට මරන්න යන කෙනාව සොන් ජු ට බේරගන්න පුලුවන් බවත් තමයි මේ කෙනා කියන්නෙ. ඉතිං සොන් ජු මේකට කැමති වෙලා මේ කෙනා කියන තැනට යන්නෙ ඒ කෙනාගෙ කැමැත්ත අනුව ඒ කතාව අහන්න. හැබැයි තනියම නෙවෙයි සොන් ජු යන්නෙ. තවත් කෙනෙක් එක්ක.. හැබැයි මේ දෙන්නටම තියෙන්නෙ අරමුණු දෙකක්.
නැහැ..තුන් දෙනාට තියෙන්නෙ අරමුණු තුනක්..ඉතිං ඔයාලා හිතන්නෙ මේ තුන් දෙනාගේ අරමුණු වලින් කාගෙ අරමුණ ඉෂ්ඨ වෙයිද…




