මෙය Action / Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) සහ Spy Thriller (ඔත්තු බැලීමේ ත්‍රාසජනක) වර්ගයට අයත් වෙන අලුත්ම කතා මාලාවක්.

කතාව කෙටියෙන්: කතාව ගෙතෙන්නේ ඇලෙක්සැන්ඩර් හේල් (Alexander Hale) කියන බුද්ධි අංශ විශ්ලේෂකයා (Intelligence Analyst) වටායි. එයා දවසක් දැනගන්නවා එයාගේ මොළය (Brain) කවුරුහරි “හැක්” (Hack) කරලා කියලා. මේ නිසා එයා ඇස් දෙකෙන් දකින දේවල් සහ එයාට ඇහෙන හැමදේම මේ හැකර්ලට දුර ඉඳන් බලාගන්න පුළුවන් වෙනවා.

දැන් එයාට ලොකු අභියෝගයක් එනවා. එයාට සිද්ධ වෙනවා තමන්ගේ ඇස් දෙකෙන් තමන් දිහාම බලන් ඉන්න සතුරන්ව රවට්ටන්න. ඒ කියන්නේ, තමන්ව හැක් කරලා බව දන්නෙ නෑ වගේ “සාමාන්‍ය විදිහට රඟපාන ගමන්” මේක කරන්නේ කවුද කියලා හොයාගන්න එයාට මෙහෙයුමක් දියත් කරන්න වෙනවා.

විශේෂත්වය:

ප්‍රධාන නළුවා විදිහට ඉන්නේ Marvel චිත්‍රපටවල (Shang-Chi) හිටපු Simu Liu.

තාක්ෂණය සහ කුතුහලය පිරුණු කතාවක් නිසා Spy ෆිල්ම්ස් වලට කැමති අයට මෙය ඉතා හොඳ තේරීමක්.

සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ සිනෙරු කණ්ඩායම විසින්.

Comments