ඇමරිකාවට කලින් සෝවියට් දේශය හඳට ගියා නම්? – Star City (2026) 🚀
අභ්‍යවකාශ තරඟය (Space Race) ගැන අපි කවුරුත් අහලා තියෙනවා. ඇමරිකාව සහ සෝවියට් දේශය අතර තිබුණු ඒ දැවැන්ත තරඟයේ කතාව බොහොම ප්‍රසිද්ධයි. නමුත් අද අපි කතා කරන්නේ ඒ සුපුරුදු කතාව වෙනස්ම කෝණයකින් පෙන්වන, Apple TV+ හරහා විකාශය වන අලුත්ම ත්‍රාසජනක කතාමාලාවක් වන Star City (2026) ගැනයයි.

මෙය විකල්ප ඉතිහාසයක් (Alternate History) පාදක කරගත් කතාවකි.

🛸 කතාවේ පසුබිම
“ඇමරිකාවට කලින් සෝවියට් දේශය හඳට ගියා නම් ලෝකය කොහොම වෙනස් වෙයිද?” මේ කතාමාලාව ගොඩනැගෙන්නේ අන්න ඒ ප්‍රශ්නය මතයි. මෙහිදී සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ ඇතුළාන්තය ඉතා අපූරුවට නිරූපණය කරනවා. ගගනගාමීන්, ඉංජිනේරුවන් සහ KGB නිලධාරීන්ගේ සැබෑ ජීවිතය, ඔවුන්ගේ බිය, අරමුණු සහ පාවාදීම් සියල්ලම මෙහි අන්තර්ගතයි. අභ්‍යවකාශ ගමන් කොතරම් ආකර්ෂණීය වුණත්, පොළොව මත ඔවුන් මුහුණ දෙන දේශපාලන සහ පුද්ගලික අර්බුද ඊට වඩා භයානක බව කතාවෙන් පෙන්වා දෙනවා.

ප්‍රධාන නිර්මාණකරු (Rhys Ifans): House of the Dragon හරහා අතිශය ජනප්‍රිය වූ ඔහු, මෙහිදී සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා ලෙස රංගනයෙන් දායක වෙනවා. ඔහුට පැවරී ඇති අසීමිත බලය, දැඩි පීඩනය සහ රහස්‍යභාවය ඉතා විශිෂ්ට ලෙස ඔහු නිරූපණය කරනවා.

සීතල යුද සමයේ (Cold War era) සෝවියට් රුසියාවේ පරිසරය මෙහි ඉතා තාත්විකව ගොඩනඟා තිබෙනවා. ඒ කාලයේ තිබුණු සැකය, බිය සහ නිරන්තර සෝදිසි කිරීම් ප්‍රේක්ෂකයාටද හොඳින්ම දැනෙන විදිහට නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. අභ්‍යවකාශ වැඩසටහනේ තිරය පිටුපස සිදුවන දේවල් ඔබව තිරයට ඇදබැඳ තබා ගනු නොඅනුමානයි.

ඔබ For All Mankind කතාමාලාව රසවිඳි කෙනෙක් නම්, මෙය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු (Must watch) කතාමාලාවක්. මන්ද මෙය එම කතාමාලාවේම අතුරු කතාවක් (Spinoff) වන බැවිනි. ඉතිහාසයට, අභ්‍යවකාශයට සහ ත්‍රාසජනක කතා වලට කැමති සියලු දෙනාටම මෙය කදිම තේරීමක්.

🍿 අලුත්ම චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා පිළිබඳ යාවත්කාලීන කිරීම් ඉක්මනින්ම දැනගන්න, අපගේ ෆේස්බුක් පිටුව හා එක්වන්න: facebook.com/cinesubz. Cinesubz පවුලත් එක්ක එකතු වෙලා මේ අලුත් නිර්මාණ එකටම රසවිඳිමු! ❤️

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments