Cast
Go Full Cast Pageකතාව කෙටියෙන්
මේක 90 දශකයේ අගභාගයේ(1997) සිද්දවෙන කතාවක්. හොං ගියුම් බෝ කියන්නේ මූල්‍ය අධීක්ෂණ සේවයේ වැඩකරන අවුරුදු 30 ගාණක් වෙන ඉතා දක්ෂ සුපවයිසර්වරියක්. එයා තනිකරම වැඩටම කැපවුණු, හරිම කූල් චරිතයක්. දවසක් සැකකටයුතු මුදල් ගනුදෙනුවක් ගැන හොයන්න එයා හොං ජං මී කියන නමින්, අවුරුදු 20ක හයි ස්කූල් එකෙන් අවුට් වුන කෙල්ලෙක් වගේ වෙස්වලාගෙන ආයෝජන සමාගමක් වෙච්ච හන්මින් සමාගමට රහසේම ඇතුළු වෙනවා. එතනදී එයාට එයාගෙ පරණ ආදරය වුණ ශින් ජොන් වූව හම්බවෙනවා. එයා තමයි මේ හන්මින් මූල්‍ය ආයතනයේ අලුත් CEO විදිහට පත් වෙලා එන්නෙ.
ශින් ජොන් වූ කියන්නේ අති දක්ෂ කළමනාකරණ උපදේශකයෙක් වගේම ඕනෑම ආයතනයක් තමන් යටතට ගන්න දක්ෂයෙක්. එයා විශ්වාස කරන්නේ ඉලක්කම් සහ දත්ත විතරයි කවදාවත් බොරු නොකරන්නේ කියලා. ඒ වගේම තමන්ගේ ඉලක්කයට යන්න එයා ඕනෑම දෙයක් කරන්න සූදානම්. එතනදි තමයි එයාට තමන් ඉස්සර ආදරය කරපු හොං ගියුම් බෝගේ මූණටම සමාන හොං ජං මීව මුණගැහෙන්නේ. ඉතින් එතැන් ඉඳන් මේ දෙන්නා අතරේ හරිම පැටලිලි සහගත සම්බන්ධයක් ඇතිවෙනවා විතරක් නෙවේ සමාගමේ රහස් අනාවරණය කරගන්න විශේෂ මෙහෙයුමකට ආව හොං ලොකු පඹගාලක පැටලෙනවා.
ඉතින් සමාගමේ හොර අල්ලන්න හොරෙන්ම ආව හොං ගියුම් බෝ ට ඒක කරගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්තම් ශින් ජොන් වූ හොං ගෙ රහස හොයාගෙන සේරම කඩාකප්පල් කරාවිද? නැත්තම් උදවු කරාවිද? හිටපු සභාපතිතුමාගෙ මරණයේ අභිරහසට මොකක් වෙයිද? Yehppee කියන්නෙ ඇත්තටම කවුද? එතකොට ඇල්බට් සහ කෝ බොක් යුයි මේ සේරටම හොංට උදවු කරාවිද? මේ සේරටම උත්තර හොයන්න නම් මේ සුපිරි කතාව බලන්නම වෙනවා. මං ඉතින් මීට වඩා මේ ගැන කියන්නෙ යන්නෙ නෑ.
සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ කසුන් මධුසංක විසින්.
- 1
The Woman Known as the Witch of Yeouido Jan. 17, 2026 - 2
Between Recruitment and Infiltration Jan. 18, 2026 - 3
Right Under the Nose and in the Line of Fire Jan. 24, 2026 - 4
Sleeping With the Enemy Jan. 25, 2026 - 5
Episode 5 Jan. 31, 2026 - 6
Episode 6 Feb. 01, 2026 - 7
Episode 7 Feb. 07, 2026 - 8
Episode 8 Feb. 08, 2026 - 9
Episode 9 Feb. 14, 2026 - 10
Episode 10 Feb. 15, 2026 - 11
Episode 11 Feb. 21, 2026 - 12
Episode 12 Feb. 22, 2026 - 13
Episode 13 Feb. 28, 2026 - 14
Episode 14 Mar. 01, 2026 - 15
Episode 15 Mar. 07, 2026 - 16
Episode 16 [ S01 Last Episode ] Mar. 08, 2026













