ඔන්න ඉතින් Cinesubz රසිකයෝ හැමෝටම සුපිරි ආරංචියක් අරගෙන ආවා! 🔥 Netflix හරහා මේ දවස්වල trending වෙන අලුත්ම Action Thriller series එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි Man on Fire (2026).

ඔයාලා 2004 වසරේ ආපු Denzel Washington ගේ සුපිරි ෆිල්ම් එක බලලා ඇතිනේ? අන්න ඒ කතාවම, ඊට වඩා ගැඹුරට සහ අලුත්ම විදියකට මේ Series එකෙන් අරගෙන එනවා.

කතාවේ ප්‍රධාන චරිතය John Creasy. ඔහු හිටපු Special Forces සොල්දාදුවෙක්. Mexico City වල සිද්ධ වුණු අසාර්ථක Operation එකකින් තමන්ගේ මුළු ටීම් එකම නැති වුණාට පස්සේ, Creasy ඉන්නේ ලොකු මානසික පීඩනයකින්.

මේකෙන් බේරෙන්න ඔහු පාවිච්චි කරන්නේ බෝතලය. ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඉන්න වෙලාවේ, ඔහුගේ හොඳම යාළුවා Paul Rayburn, ඔහුව Brazil වලට ගෙන්න ගන්නවා “පොඩි වෙනසක් කරලා ජීවිතේ හදාගමු” කියලා. හැබැයි ඒ ප්ලෑන් එක හිතපු විදියට වෙන්නේ නැහැ.

Rayburn ඉන්න Building එකට එල්ල වෙන බෝම්බ ප්‍රහාරයකින් Rayburn මිය යනවා. ජීවත් වෙන්නේ ඔහුගේ දියණිය Poe විතරයි. එතැන් පස්සේ Creasy ගේ එකම අරමුණ වෙන්නේ:

Poe ව ආරක්ෂා කරන එක.

Rayburn ව මරපු අයට රිදෙන්නම පළිගන්න එක.

Rio de Janeiro නගරයේ වීදි පුරා දිවෙන මේ පළිගැනීමේ ගමන ඇත්තටම දරුණුයි! 🔥

Yahya Abdul-Mateen II: Denzel Washington කරපු ඒ දැවැන්ත චරිතයට අලුත් පණක් දෙන්න Yahya සමත් වෙලා තියෙනවා. Broken man කෙනෙක්ගේ වේදනාව වගේම, තරහව ඔහු නියමෙටම පෙන්වනවා.

Billie Boullet: Poe ගේ චරිතය කරන Billie අලුත් මුහුණක් වුණත්, ඇයගේ රංගනය විශිෂ්ටයි.

Alice Braga: ඩ්‍රයිවර් Valeria විදියට ඇයත් කතාවට ලොකු සාධාරණයක් කරනවා.

මෙකේ තියෙන්නේ නිකන් බොරු සටන් දර්ශන නෙවෙයි. හරිම “Real” ගතියක් තියෙන දරුණු ඇක්ෂන් සීන්.

බ්‍රසීලයේ Rio de Janeiro වල ලස්සන වගේම ඒ නගරයේ තියෙන අඳුරු පැත්තත් ලස්සනට කැමරා කරලා තියෙනවා.

මේක නිකන්ම මරාගන්න කතාවක් නෙවෙයි. මනුස්සයෙක් ආයෙත් විශ්වාසය ගොඩනගාගන්න හැටි පෙන්වන ලස්සන හැඟීම්බර පැත්තකුත් තියෙනවා.

ඔයාලා බලන්නේ සාමාන්‍ය පළිගැනීමේ කතාවක් නම්, ඊට වඩා ලොකු දෙයක් මේ Episodes 7 ඇතුළත තියෙනවා. එක දිගට බලලා ඉවර කරන්න පුළුවන් (Binge-worthy) සුපිරිම කතාවක් තමයි මේ.

✅ දැන් cinesubz හරහා නැරඹිය හැකියි!

🎬 මේ වගේ අලුත්ම movies සහ TV series ගැන විස්තර දැනගන්න වගේම, සිංහල උපසිරැසි (Subtitles) ගැන දැනගන්න අපේ Cinesubz.net වෙබ් අඩවියට පිවිසෙන්න.

අමතක නොකර අපේ Facebook Page එකටත් Like එකක් දාලා, මේ ලිපිය යාලුවෝ අතරේ Share කරන්න. ඒක තමයි නියම Movie Fan කෙනෙක්ගේ විදිය! 🎬❤️

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments