EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
My Sassy Girl (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kwak Jae-yong, Raven Seol Chi-Guk
Cast
Go Full Cast Pageමගේ දඩබ්බර කෙල්ල
කොරියන් සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේද නම රැන්දූ පට්ට කොරියන් නිර්මාණයක් තමයි අද ඔයාලට අරන් ආවෙ. මේ චිත්‍රපටය ජපානයේ, තායිවානයේ සහ හොංකොං වලද හිට් වෙමින් නැගෙනහිර ආසියා කලාපයේ බ්ලොක්බස්ටර් එකක් වුනා. ඒ තමයි 2001 ජුලි 27 දින දකුණු කොරියාවේදී මුලින්ම තිරගත වූ My Sassy Girl. ඔරිජිනල් නම Yeopgijeogin geunyeo. පැය 2 විනාඩි 17 ක ධාවන කාලයක් සහිත Comedy / Drama / Romance / Romantic Comedy යන ශානරයන්ට අයිති වෙනවා. අධ්‍යක්ෂනය Kwak Jae-yong ගෙන්. රංගනයෙන් එකතු වන්නේ Jun Ji-hyun ( කෙල්ල – මේ චිත්‍රපටයේ කොතනකවත් ඇගේ නම සඳහන් වෙන්නේ නෑ – අමුතුයි නේද? ) සහ Cha Tae-hyun ( ග්යොං-වූ ).
“මයි සැසි ගර්ල්” තුලින් කොරියානු සිනමාව ජාත්‍යන්තර පෙරළියක් ඇති කළ අතර, එය කොරියානු රැල්ලක් ඇතිකිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලා. Kim Ho-sik විසින් තමාගේ පුද්ගලික ජීවිත ආදර කතාවේ සත්‍ය සිදුවීම් අලලා අන්තර්ජාලයේ ලියන ලද ලිපි පෙළක් ඇසුරින් තමයි චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. එය සිනමාවට වගේම ජපන්, කොරියන් රූපවාහිනී නාට්‍ය දෙකකටද පාදක වුනු අතර නවකතාවක් හා චිත්‍රකතා පොතක් බවටද පත්වුනා. “මයි සැසී ගර්ල්” ලෝක සිනමාව කෙතරම් දුරකට ස්පර්ශ කලාද යන්න, එය ඉංග්‍රීසි, හින්දි, චීන, නේපාල්, ලිතුවේනියන්, ඉන්දුනීසියන් සහ පිලිපීන් යනාදි ලෙස විවිධ රටවල විවිධ භාෂා වලින් නිර්මාණය වීමෙන් පැහැදිලි වෙනවා. මෙය කොරියානුවන් කෙතරම් ආදරයෙන් වැළඳ ගත්තාද කියතොත් 2001 වසරේ කොරියාවේ දෙවෙනියට වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට මෙන්ම එදා මෙදාතුර වැඩිම ආදායමක් ඉපයූ කොරියන් විකට චිත්‍රපටය බවටද පත්කලා පමණක් නොව ඒ වනවිට කොරියාවේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට පහ අතරටද ඔසවා තැබුවා. මෙහි DVD පටය අන්තර්ජාතික මට්ටමෙන් අතිශය සාර්ථකත්වයක් ලැබුවා. විශේෂයෙන්ම 2006 වසරේ කොරියාවේ වැඩියෙන්ම අලෙවි වුනු DVD පටය බවට පත්වුනා.
ඉංජිනේරු සිසුවෙක් වන ග්යොං-වූ කෝච්චියෙදි, කරටි කැඩෙන්න බීපු කෙල්ලෙක් දකිනවා. ඇය මගියෙක්ගෙ ඇඟට වමනෙත් දාමින්, වෙරි මතේ වැටෙන්නේ ග්යොං-වූ දිහා බලල ඔහුට “පැටියෝ” කියමින්. ඉතින් මගීන්ගෙන් එල්ලවුනු බලපෑම් නිසා ඔහුට සිද්ධ වෙනවා ඇය ගැන බලන්න. මේ හඳුනාගැනීම ලොකු යාලුකමක් දක්වා යනවා. හැබැයි මේ කෙල්ල නාහෙට අහන්නෑ. යකෙකුටවත් බය නෑ. වලියටමයි බර. පොඩ්ඩ ඇත්නම් ග්යොං-වූටත් ගහනවා. ඒත් දෙන්නට දෙන්නා නැතුවත් බෑ. ඉතින් මේ කතාව අතරමග නවතීවිද, දිගටම යාවිද, ඛේදනීයව අවසන් වෙයිද, සතුටුදායක ලෙස අවසන් වෙයිද? කොහොම වුනත් මුල සිට අග දක්වාම ඔබව සිනහවෙන් තබනවා කියල නම් කැට තියල කියනවා. නොබැලූ කෙනෙක් අනිවාරෙන් බැලිය යුතු රසවත් නිර්මාණයක් ලෙස නිර්දේශ කරමින් නවතිමි.











