ආයුබෝවන් Cinesubz යාලුවනේ! අද අපි ඔයාලට අරගෙන ආවේ ඊයේ (2026 මාර්තු 23) Disney+ හරහා නිකුත් වුණු අලුත්ම Western Comedy කතාමාලාවක් ගැන තොරතුරුයි.

ඒ තමයි ප්‍රසිද්ධ ප්‍රංශ කොමික් කතාවක් ඇසුරින් නිර්මාණය වුණු “Lucky Luke” (2026) ලයිව්-ඇක්ෂන් (live-action) කතාමාලාව. 🔥

නිකුත් වුණ දිනය: 2026 මාර්තු 23

කතාංග ගණන (Episodes): 8

මේ කතාව ගෙතෙන්නේ ලෝකේ ඉන්න වේගවත්ම කව්බෝයි (Cowboy) වෙන ලකී ලූක් (Lucky Luke) වටායි. ඔහු ලුයිස් (Louise) කියන තරුණ ගෑණු ළමයාගේ අතුරුදහන් වුණු අම්මව හොයාගන්න උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි මේ ගමනේදී ඔවුන්ට ඇමරිකානු ඉතිහාසයම වෙනස් කරන්න හදන ලොකු කුමන්ත්‍රණයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් විහිළු තහළු වගේම වෙඩි හුවමාරු සහ සටන් ජවනිකා මැදින් ලකී ලූක් මේ දේවල් කොහොම විසඳයිද කියලා මේ කතාමාලාවෙන් බලාගන්න පුළුවන්. 😄

Wild West පරිසරය, සුපිරි වෙඩි තැබීම් ජවනිකා වගේම හාස්‍ය පිරුණු දෙබස් වලින් මේ කතාමාලාව හැඩවෙලා තියෙනවා. ඒ වගේම Calamity Jane, Billy the Kid, Joe Dalton gang වගේ කොමික් පොත්වල හිටපු ජනප්‍රිය අයිකොනික් චරිත රැසක්ම මේ හරහා අපිට දැකගන්න ලැබෙනවා.

කතාංග 8කින් සමන්විත වෙන මේ කතාමාලාව එක දිගටම බලල ඉවර කරන්න (binge-watch) කියාපු කතාවක්. Western, Action, Comedy සහ Comic book කතා වලට කැමති අයට මේක 100% ක්ම රෙකමන්ඩ් කරනවා! හැබැයි මතක තියාගන්න, මේක ප්‍රංශ කතාමාලාවක් නිසා අනිවාර්යයෙන්ම සබ්ටයිටල් එක්කම බලන්න. කොල්ලනේ මේක නම් මිස් කරගන්න එපා! 🤠🔥

🎬 අලුත්ම ෆිල්ම්ස් සහ ටීවී සීරීස් අප්ඩේට්ස් ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook පිටුවත් එක්ක එකතු වෙන්න. ලයික් කරන්න, යාලුවන් අතරේ ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා! 💙

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments