Stranger Things: Tales from ’85 – හෝකින්ස් නගරයේ අලුත්ම ඇනිමේෂන් වික්‍රමය!

ඔන්න ඉතින් Stranger Things රසිකයන්ට අද ඉතාමත් විශේෂ දවසක්. අද, එනම් 2026 අප්‍රේල් 23 වෙනිදා සිට Netflix හරහා මේ අලුත්ම ඇනිමේෂන් කතා මාලාව නරඹන්න ඔබට අවස්ථාව ලැබෙනවා. “Stranger Things: Tales from ’85” නමින් හැඳින්වෙන මේ නිර්මාණය අපව නැවතත් ඒ සුපුරුදු අද්භූත 1985 වසරට රැගෙන යනවා.

මේ අලුත් කතාව නිර්මාණය වෙන්නේ Stranger Things දෙවැනි සහ තෙවැනි කතා මාලාවන් (Season 2 and 3) අතර කාල සීමාව පදනම් කරගෙනයි. ඒ කියන්නේ Starcourt Mall එකේ සිදුවුණු ඒ ප්‍රබල සටනට කලින් සිදුවුණු සිදුවීම් මාලාවක් තමයි මෙහි අඩංගු වෙන්නේ. හෝකින්ස් නගරයට ශීත ඍතුව උදා වෙලා තියෙන වෙලාවක, ආයෙමත් වතාවක් Upside Down ලෝකයෙන් අමුතුම Monsters ලා පිරිසක් නගරයට අනතුරු අඟවනවා.

Eleven ඇතුළු ඇගේ සුපුරුදු යාළුවන් පිරිස – Mike, Will, Lucas, Dustin සහ Max – හැමෝම මේ වික්‍රමයට එකතු වෙනවා. මෙහි ඇති විශේෂම දේ තමයි අපිට හඳුන්වා දෙන “Nikki” නම් අලුත් චරිතය. පින්ක් පාට මොහොක් (pink mohawk) එකක් තියෙන, මේ කෙල්ල හරිම දඟකාර වගේම Cool චරිතයක්.

මේ සීරීස් එකේ ඇනිමේෂන් කලාව හරිම අපූරුයි. 80 දශකයේ කාටූන් වල තිබුණු ඒ පැරණි පෙනුම නූතන තාක්ෂණයත් එක්ක මිශ්‍ර කරලා හරිම ලස්සන අත්දැකීමක් නිර්මාණය කරලා තියෙනවා. මුල් Stranger Things කතාවේ නිර්මාණකරුවන් වන Duffer Brothers ලා මේ සඳහාත් නිෂ්පාදනයෙන් දායක වන නිසා, අපිට හුරුපුරුදු ඒ භීෂණාත්මක වගේම කුතුහලයෙන් පිරුණු හැඟීම මෙහිත් ඒ විදිහටම තියෙනවා.

ඔබ Stranger Things රසිකයෙක් නම්, හෝකින්ස් නගරයේ මේ අලුත්ම ඇඩ්වෙන්චර් එක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්. අලුත් Movies සහ TV Series ගැන මේ වගේ තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook පිටුවත් එක්ක දිගටම රැඳී ඉන්න. 🎬✨

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments