🎬 වේගාස් නුවර එක රැයක්. ඩොලර් මිලියන දහයක්. හැබැයි උදේ වෙද්දී හැමදේම කණපිට පෙරළෙනවා. “The Queen’s Gambit” කතා මාලාවෙන් පස්සේ ආන්යා ටේලර්-ජෝයි (Anya Taylor-Joy) ආයෙත් පුංචි තිරයට එනවා. මේ පාර ඇය රඟපාන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න දුවන දක්ෂ වංචාකාරියක් විදිහටයි!

📺 Lucky (2026) | වර්ගය: Crime, Drama, Thriller (Limited Series)| කොටස් 7 යි

ලුසියානා “ලකී” ආම්ස්ට්‍රෝං හැදුණේ වැඩුණේ වංචා කරන ලෝකයක; ඒ හිරේ ඉන්න ඇගේ පියා වන ජෝන් යටතේයි. ඇයයි ඇගේ සැමියා වන කේරියි ජීවිතේ ලොකුම කොල්ලය කෑවා – ඒ භයානක පාතාල නායකයෙක්ගෙන් ඩොලර් මිලියන දහයක් උස්සලා. සදහටම හැංගෙන්න කලින් අන්තිම දවස සමරන්න එයාලා වේගාස් වලට එනවා. ඒත් පහුවදා උදේ ලකී ඇහැරෙද්දී කේරිත් නෑ, සල්ලිත් නෑ.

දැන් එක පැත්තකින් FBI එක, අනිත් පැත්තෙන් භයානක පාතාල කල්ලියක් ඇය පස්සෙන් එනවා. ඇයට ජීවත් වෙන්න නම් ඇය දන්න හැම ගැටයක්ම ගහන්න වෙනවා. මේ පලායාම අස්සේ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන පරණ ප්‍රශ්නත් කිසිවෙකු නොසිතූ විදිහට එළියට එනවා.

 

ආන්යා ටේලර්-ජෝයිටම ගැලපෙන විදිහට හදපු කුතුහලය පිරුණු සුපිරි චරිතයක් මෙහි තියෙනවා.

දක්ෂ නළු නිළි කැලක්: Annette Bening භයානක පාතාල නායිකාව විදිහටත්, Timothy Olyphant ලකීගේ පියා විදිහටත්, Aunjanue Ellis-Taylor ඇයව හොයන FBI නිලධාරිනිය විදිහටත් රඟපානවා.

මේක Marissa Stapley ගේ ජනප්‍රිය නවකතාවක් ඇසුරින්, “Shrinking” සහ “This Is Where I Leave You” රචක Jonathan Tropper විසින් රචනා කරපු එකක්.

විචාරකයන් කියන විදිහට මේක මේ අවුරුද්දේ එන හොඳම ලිමිටඩ් සීරීස් (Limited Series) එකක්.

මේ කතා මාලාවට විචාරකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ආන්යාගේ රංගනය සහ ත්‍රාසජනක බව සමග පවුලේ සංවේදී ප්‍රශ්න ගලපා ඇති ආකාරය ගොඩක් අයගේ පැසසුමට ලක් වෙලා. මුල් කොටස් කිහිපය ටිකක් හෙමින් ගියත්, ඉන්පස්සේ කතාව ගොඩක් කුතුහලයෙන් පිරුණු එකක් වෙනවා කියලයි විචාරකයන් කියන්නේ.

ලකීට ඇගේ අතීතයෙන් පැනලා යන්න පුළුවන් වෙයිද? සිංහල උපසිරැසි සහ තවත් විස්තර දැනගන්න cinesubz facebookපැත්තට යන්න! 🎰

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments