“සමාජයේ තියෙන අසාධාරණයට එරෙහිව හඬක් නගන්න, වැරදිකරුවන්ට කවදාවත් අමතක නොවන පාඩමක් උගන්වන්න කෙනෙක් ඉදිරිපත් වුණොත් මොනවා වෙයිද?”

එහෙනම් යමු කතාව මොකක්ද? විස්තර මොනාද කියලා දැනගන්න?

ප්‍රේක්ෂකයන්ගේ ලොකු බලාපොරොත්තුවක් එක්ක නිකුත් වීමට නියමිත “Teach You a Lesson” කතාමාලාව මේ දවස්වල ගොඩක් අයගේ අවධානය දිනාගෙන තියෙනවා. Action, Thriller, Comedy, Drama යන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කොටස් මාලාවකින් සමන්විත වෙනවා. නීතියේ හිඩැස් වලින් රිංගලා යන වැරදිකරුවන්ට නියම දඬුවම් දෙන අපූරු කතා තේමාවක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ.

මේ කතාමාලාවෙත් කොරියානු කතා ලෝකයේ අපි ආදරේ කරන අති දක්ෂ නළු නිළියන් කිහිප දෙනෙක්ම ප්‍රධාන චරිතවලින් රංගනයට එකතුවෙලා තියෙනවා

Kim Mu-yeol – Na Hwa-jin ලෙස
Lee Sung-min – Choi Gang-seok ලෙස
Jin Ki-joo – Im Han-rim ලෙස
Pyo Ji-hoon – Bong Geun-dae ලෙස

 

තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන මේ තරු, කතාවේ තියෙන බරපතළකම සහ හැඟීම්බර බව ප්‍රේක්ෂකයාට තදින්ම දැනෙන විදියට නිරූපණය කරනවා. කොරියානු තරු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, එයාලගේ රංගන හැකියාව හරිම තාත්ත්විකයි කියන එක ඩ්‍රාමා බලන ඔයාලා හොදටම දන්නවා.

කතාව මොන වගේ පැත්තකටද යන්නෙ කියලා මං මුලින්ම පුංචි හෝඩුවාවක් දුන්නනෙ.

පාසල්වල සිද්ධවෙන ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීමත්, ගුරුවරුන්ට තියෙන බලය සහ පිළිගැනීම නැතිවෙලා යාමත් එක්ක, දකුණු කොරියානු රජය තීරණය කරනවා ‘ගුරු අයිතිවාසිකම් සුරැකීමේ පනත’ යටතේ ‘අධ්‍යාපන අයිතිවාසිකම් සුරැකීමේ කාර්යාංශයක්’ (ERPB) පිහිටුවන්න. මේ ආයතනයට නීතියෙන්ම විශේෂ බලයක් දීලා තියෙනවා, ඒ තමයි ළමයින්ව හික්මවන්න සහ පාසල් පද්ධතිය ආයෙමත් හරි මාර්ගයට ගන්න, ඕනෙ නම් ශාරීරිකව දඬුවම් කරන්න වගේම මානසිකව පීඩනයක් එල්ල කරන්නත් එයාලට පුළුවන්. මේ ERPB ආයතනයේ පරීක්ෂකවරයෙක් වෙන Na Hwa-jin ව විවිධ පාසල්වලට යවන්නේ, දාමරික ළමයි පාසල් ඇතුළේ හදාගෙන තියෙන කල්ලි බලය විනාශ කරලා දාන්න වගේම, පාසල් පරිපාලනය ඇතුළේ තියෙන දූෂණ සහ වංචා හොයලා බලන්නයි.

එහෙනම් කතාව බලාගෙන යමු

 

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ සිනෙරු කණ්ඩාය​ම විසින්.

Comments

June 11, 2026

Dr.romantic dennkoo

July 18, 2026

මම ඔක්කොම කතා ටික බැලුවා. නියමයි සහ ඇබ්බැහි වෙන සුලුයි. ඒ වගේම සබ් ටිකත් හොදටම කරලා තියනවා. ජය වේවා හැමෝටම. සබ් දුන්නටයි කතා ටික එක දිගට කරදරයක් නැතිව දුන්නටයි.

August 6, 2026

Thanks sub walata