ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2026 අලුතින්ම රිලීස් වුන Netfilx TV Series එකක් වෙන #Love මේ කතාමාලාව රොමෑන්ටික් – කොමඩි කියන ගනයට වෙනවා.
ප්‍රධාන චරිතයට Arjun Das රංගනයෙන් දායකත්වය ලබා දෙනවා වගේම ප්‍රධාන නිලිය Ashearya lakshmi නිරූපණය කරනවා.

කතාව හැදිලා තියෙන්නේ ඩේටින්ග් ඇප් දෙකක් අතර තියන තරගකාරිත්වය වටා තමා ගොඩ නැගිලා තියෙන්නේ.

අපි බලමු කතාව ගැන. තාරා අපේ කතාවෙ ප්‍රධාන නිලිය.එයා තමයිFound” කියන Dating App එක හදලා තියෙන්නේ මේයාගේ ඇප්.එකෙන් එයා බලා පොරොත්තු වෙන්නේ ගැලපීම් අනුව කට්ටිය එකතු කරන එක. තාරාගේ අදහස් වලට සම්පූර්ණ විරුද්ද අදහසක් තමයි අපේ හීරෝ මැතිව් ගේ ඇප් එකේ තියෙන්නේ. එයා හිතන්නේ දෙන්නෙක් එකතු වෙන්න කෙමෙස්ට්‍රි එකක් තියෙන්නෙ ඕනී කියලයි.

ඉතින් මේ දෙන්නා සම්මාන උලෙලකදි තමයි මුලින්ම හමු වෙන්නේ. මැතිව් ගේ හිතේ තාරා ගැන එදාම කැමැත්තක් ඇති වුනත් තාරා විශ්වාස කරන්නේ ගැපලපීම කියන දේ විතරයි. මේ හේතුව නිසාම තාරාට ගොඩාක් දේවල් මගෑරෙනවා….

ඉතින් තාරට මුහුන දෙන්න වෙන අබියෝග මොනා වෙන්න පුලුවනද?

තාරාට මැතිව් ගේ හැගීම් තේරෙයි ද?

ඇත්තටම ඩේටින්ග් ඇප් එකකින් සැබෑ ආදරය හොයාගන්න පුලුවන්ද?

මේ හැමදේම මේ කතාවෙන් ඔයාලට දැනගන්න පුලුවන්. ආදර කතා කිහිපයක් එක්ක එක එක්කෙනාට ආදරය දැනෙන හැටි වගේ තනි වීම්, මේ හැම දෙයක්ම එකතු වෙලා හැදිලා තියන ආදරනීය කතාවක් තමයි මේක. ඉතින් මම බලා පොරොත්තු වෙනවා ඔයාලා මේ කතාව ආදරෙන් වැලද ගනි කියලා. ඒ වගේම මේ වගේ TV series දිගටම බලන්න අපේ CineSub web site එකත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාලා හැමෝට සුබ දවසක් වේවා.

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජලී බන්ඩාර විසින්.

Comments