අද මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුන, අලුත්ම කොමඩි වගේම ෆැන්ටසි කතාවක් වෙන “Reborn Rookie” (එහෙමත් නැත්නම් New Employee Chairman Kang) කතාමාලාවයි. මේ කතාමාලාව 2026 මැයි 30 වෙනිදා ඉඳන් තමයි විකාශනය ආරම්භ කළේ. අතිශය ජනප්‍රිය වුණු වෙබ් නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතාමාලාව, JTBC නාලිකාව හරහා තමයි විකාශනය වෙන්නේ.

Summary – සාරාංශය

කන්ග් යොන්ග්-හෝ කියන්නේ තනියම මහන්සි වෙලා තමන්ගේ සමාගම දකුණු කොරියාවේ ඉහළටම ගෙනාපු, “ව්‍යාපාරික ලෝකයේ දෙවියා” විදියට හඳුන්වන කෙනෙක්. හැබැයි දවසක් එයා කිසිම කෙනෙක් නොහිතපු විදියේ අද්භූත අනතුරකට මුහුණ දෙනවා. මේ අනතුරට තරුණ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන හ්වාන්ග් ජුන්-හ්යුන් පවා සම්බන්ධ වෙනවා. මේ අනතුරෙන් පස්සේ සභාපතිවරයාට සිහිය එද්දී, එයාගේ ආත්මය අර තරුණ ක්‍රීඩකයාගේ ශරීරයට මාරු වෙලා කියලා එයාට තේරෙනවා.

වයසක සභාපතිවරයෙක්ගේ මනසක් එක්ක තරුණ ශරීරයක හිරවෙන ඔහු, තමන්ගේ අනතුර පිටුපස තියෙන අභිරහස හොයාගන්න තීරණය කරනවා. ඒ වෙනුවෙන් එයා අලුත්ම විදියකට, ඒ කියන්නේ තමන්ගේම සමාගමට “අලුත් සේවකයෙක්” විදියට රැකියාවට බැඳෙනවා. පහළම මට්ටමේ සේවකයෙක් විදියට වැඩ කරමින් තමන්ගේ සමාගම ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳන්න එයාට ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා.

▫️️සභාපතිතුමාට ආයෙමත් එයාගේ ඇත්ත ශරීරය හොයාගන්න පුළුවන් වෙයිද?
▫️️මේ අද්භූත අනතුර පිටිපස්සේ හැංගිලා ඉන්න සැබෑ අපරාධකාරයා කවුද?
▫️️සභාපතිවරයාගේ ශරීරයට ගියපු ඇත්ත ජුන්-හ්යුන්ගේ ආත්මයට මොකද වුණේ?

Comedy සහ Fantasy Mystery රසිකයන්ට මේක අනිවාර්යයෙන්ම බලන්න වටින, හිනාවෙවී කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් වේවි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ අපූරු කතාමාලාව නරඹන්න කියලා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ ප්‍රමුඛ විශ්වජිත් විසින්.

Comments