හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ 2024 වසරේ නිකුත් වුණ, DC Comics හි බැට්මෑන් චරිතය ඇසුරින් නිර්මාණය කරපු වෙනස්ම ඇමරිකානු සජීවිකරණ රූපවාහිනී කතා මාලාවක පළවෙනි කතාංගයටයි.

​මේ කතා මාලාව කතාංග 10 කින් සමන්විත වෙනවා. එක එපිසෝඩ් එකක් මිනිත්තු 24 ත් 26 ත් අතර කාලයක් ධාවනය වෙනවා. මේ කතා මාලාව Bruce Timm විසින් නිර්මාණය කරලා තියෙන අතර, ජේ. ජේ. ඇබ්‍රම්ස්ගේ Bad Robot Productions, මැට් රීව්ස්, 6th & Idaho Motion Picture Company, DC Entertainment, Warner Bros. Animation සහ Amazon MGM Studios යන දැවැන්ත සමාගම් එකතු වෙලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. පළවෙනි සීසන් එකට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම, ඔන්න 2026 ජූලි 31 වෙනිදාට මේකේ දෙවැනි සීසන් එකත් නිකුත් වෙන්න නියමිතයි.

Ratings ගැන කිව්වොත්:

IMDb: 7.2/10
Rotten Tomatoes: 94%
කතාව ගැන පොඩ්ඩක්:

මේ සීරීස් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම දන්න බැට්මෑන්ගේ මුල්ම කාලේ සිද්ධවුණු කතාවක්. හැබැයි මේක සෙට් වෙන්නේ 1940 දශකයේ අඳුරු ගෝතම් නගරයට. බෲස් වේන් බැට්මෑන් විදිහට අපරාධකාරයෝ එක්ක සටන් කරන්න පටන් ගත්තා විතරයි.

නගරයේ ඉන්න දූෂිත පොලිස් නිලධාරීන් වගේම රූපට් තෝර්න් වැනි පාතාල කල්ලි නායකයන් නිසා මුළු ගෝතම් නගරයම විනාශ වෙලා තියෙන්නේ. පොලිසිය උත්සාහ කරන්නේ බැට්මෑන්ව කොටු කරලා, එයා කවුද කියලා ලෝකෙටම හෙලිදරව් කරන්න.

කැට්වුමන්, ක්ලේෆේස්, පෙන්ගුයින් වැනි සුප්‍රසිද්ධ දුෂ්ටයන්ව වෙනස්ම විදිහකට මේ කතාවෙන් බලාගන්න පුළුවන්. බාබරා ගෝඩන් වැනි චරිතවලටත් මේකේ ලොකු ඉඩක් දීලා තියෙනවා.

අනිත් බැට්මෑන් කාටූන් වගේ නෙවෙයි, මේකේ හැම එපිසෝඩ් එකකම එකිනෙකට වෙනස් රහස් පරීක්ෂක කේස් විසඳන ගමන්, මුළු සීසන් එක පුරාම එක දිගට ඇදෙන ලොකු කතාවක් බලාගන්න පුළුවන්.

නරඹන්නන්ගේ අවධානයට,

මේක TV-14 කාණ්ඩයට අයත් වෙන කතා මාලාවක්. ඒ කියන්නේ වයස අවුරුදු 14 ට වැඩි අයට තමයි වඩාත් ගැලපෙන්නේ.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ නිශාන් සමීර විසින්.

Comments