ගොඩක් කාලකින් tv series එකක් අරන් zoom එකට ගොඩ වෙන්නේ. Riverdale වලින් පස්සේ මේ මම කරන දෙවනි tv series එක. මේ පාර ඔයාලට ගේන්න හිතුවේ anime එකක්. Anime කිව්වම ගොඩක් අය හිතන්නේ පොඩි ළමයි බලන ඒවා කියලා.. ඒත් මේ anime ගැන දන්න අය දන්නවා anime කියන්නේ වෙනම දෙයක් කියල..පොඩි ළමයින්ගේ ඉද්න් වැඩිහිටියන්ට දක්වා ජපානේ anime ,හැදෙනවා. මේ දවස් වල ITN එකෙත් සෙනසුරාදට anime යනවා. ඒක ගොඩක් හොද දෙයක් මොකද anime වලට දැන් ලංකාවෙත් සෑහෙන fan base එකක් ඉන්නවා.

මටත් මේ anime පිස්සුව ගහන්නේ tokyo ghoul, AOT, Death Note..වගේ anime බලලා තමයි. මාත් මුලින්ම හිතිවේ anime කියන්නේ බොලද සීන් එකක් කියලා. ඒත් මම උඩින් සදහන් කරපු කතා බැලුවම මාවත් හොල්මන් වෙලා ගියා..තවත් ගොඩක් anime තියනවා. මම ඔය සදහන් කලේ ප්‍රසිද්ධම ටිකක්.

අපි හැරෙමු අපේ කතාව පැත්තට.ටොකියෝහි පලිගැනීම ඇත්තටම මොකක්ද මේක. සරල විදියට කිව්වොත් මේක කාලය හරහා යෑමක්. ඒ කියන්නේ මොකක් හරි Time travel මැෂින් එකකින් යන කාලය හරහා යාමක් නෙමෙයි..ඒක ඔයාලා කතාව බලලම දැනගන්න. අපිට හමුවෙනවා කතාවේ ටොකියෝ මන්ජි කල්ලිය. මේ කල්ලියේ අපරාධ නිසා නැත්නම් අභ්‍යන්තර ආරවුල් නිසා අහිංසක ජනතාවගේ ජිවිත වලිනුත් වන්දි ගෙවන්න වෙලා තියනවා. අපේ කතාවේ කතා නායකයා අපිට හම්බවෙන්න මෙතනින් ඔහු නමින් හන්ගාකි ටකෙමිචෙ. බොහොම බියගුලු මුලුගැන්වුන අහිංසක හදවතක් තියන කොල්ලෙක්. අර කලින් කියපු මන්ජි කල්ලියේ දාමරික වැඩ වලින් ටකෙමිච් ඉස්කෝලේ යනකොට යාලුවෙලා ඉදපු කෙල්ල මැරෙනවා. ඔන්න කතාවේ ආරම්භය මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ. හොද සටන් තියන දාමරික ලෝකයකට යන්න ඔයාලට මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා. මේක telegram එකෙනුත් ඔයාලට download කර ගන්න පුලුවන්.. 2021 වසරේ රිලිස් වුණ ඇනිමේ අතරින් ඉහලින්ම දැනටත් ටෝකියෝහි පලිගැනීම තියනවා.. මේක දෙවනි සීසන් එකක් දක්වා දීර්ඝ කරලා තියනවා කියලා ආරංචියකුත් තියනවා..එහෙනම් ඔයාලා හැමෝවම දාමරික ලෝකයට පිළිගන්නවා.

 

 

සිංහල උපසිරැසි ගැන්වීම Zoom.lk උපසිරැසි අංශයේ ගිහාන් උදාර විසින්.

Comments

August 11, 2026

ඔයාට පුලුවන්ද No Life No GGame දාන්න්

August 11, 2026

ඔයාට පුලුවන්ද No Game no life දාන්න

August 12, 2026

thawa anime tikak danako balanna

August 12, 2026

attack on titan ee wage ewa danako bn
anime super bn