Pursuit of Jade කියන්නේ 2026 වසරේ නිකුත් වුණු, බලන අයගේ ඇඟ හිරිවැටෙන තරමේ වෙනස්ම විදිහක ඩ්‍රාමා එකක්. මේක අනිත් සාමාන්‍ය රොමෑන්ස් කතාවලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ මේකේ ඉන්න ප්‍රධාන නිළිය නිසා. සාමාන්‍යයෙන් ඩ්‍රාමාවල ඉන්නේ හරිම සුකොමළ කෙල්ලෝ වුණාට, මේකේ ඉන්න “Fan Changyu” කියන්නේ පට්ට හයියක් තියෙන, ඌරෝ මරලා මස් විකුණන හිත හයිය කෙල්ලෙක්. මේ කතාවේ තියෙන්නේ පවුල් පලිගැනීම්, දේශපාලන කුමන්ත්‍රණ සහ අහම්බෙන් සිද්ධ වෙන අපූරු කසාදයක් වටා ගෙතුණු ලස්සන කතාවක්. 🇨🇳⚔️

​🎭 ප්‍රධාන චරිත

Zhang Ling He (Xie Zheng / Yan Zheng ලෙස)

මෙයා තමයි මේ කතාවේ “වූ’ආන් වංශාධිපතුතුමා”. අවුරුදු 16කට කලින් තමන්ගේ මුළු පවුලම ඝාතනය කරපු එකට පළිගන්න ඉන්න, පට්ට සටන් හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි තුවාල වෙලා ඉන්න වෙලාවක මේ චැන්ග්යූ කෙල්ලට අහුවුණාම, තමන්ගේ අනන්‍යතාවය හංගගෙන “යැන්ග් ශෙන්ග්” කියලා නමක් දාගෙන, කිසිම දෙයක් කරගන්න බැරි ලෙඩෙක් වගේ රඟපානවා. එයා මේ කෙල්ලගේ ගෙදරට “බෑනා” විදිහට එන්නේ තමන්ගේ සතුරන්ගෙන් බේරී ඉන්නයි. 🗡️❄️

Tian Xi Wei (Fan Chang Yu ලෙස)

මෙයා හරිම අපූරු චරිතයක්. තමන්ගේ දෙමව්පියන් නැති වුණාට පස්සේ නංගිවත් බලාගෙන ඌරෝ මරලා මස් විකුණලා ජීවත් වෙන, පුදුම ශක්තියක් තියෙන කෙනෙක්. ගෙදර දේපළ බේරගන්න ඕන නිසාම, හිම අස්සේ වැටිලා ඉඳලා බේරගත්ත අර අසරණ පෙනුම තියෙන කොල්ලව (ෂී ශෙන්ග්ව) තමන්ගේ ගෙදර බේරගන්න ඕනාවට තමන්ගේ ගෙදරට එන බින්න බහින සැමියෙක් විදිහට මෙයා කසාද බඳිනවා. පස්සේ යුද්ධය පටන් ගත්තම මේ චැන්ග්යූ කියන දක්ෂ කෙල්ල සටන් බිමට ගිහින් “මල් ඔටුනු පැළඳි සෙන්පතිවරිය” කියන නම පවා දිනාගන්නවා. 🐷⚔️

📖 කතාවේ සාරාංශය

​කතාව පටන් ගන්නේ හිම අස්සේ වැටිලා ඉන්න ෂී ශෙන්ග් (Xie Zheng) චැන්ග්යු බේරා ගැනීමත් එක්කයි. තමන්ගේ පවුලේ දේපළ බේරගන්න ඕන නිසා, මේ අසරණ පෙනුම තියෙන කොල්ලව චැන්ග්යු කසාද බඳින්නේ තමන්ගේ ගෙදරට ගෙන්නගෙනයි.

​ෂී ශෙන්ග් තමන් කවුද කියලා රහසක් විදිහට තියාගෙන ඉද්දී, චැන්ග්යු යුද පිටියට ගිහින් දක්ෂ සෙන්පතිනියක් වෙනවා. පස්සේ කාලෙක ෂී ශෙන්ග් නැවත බලයට ඇවිත් පළිගන්න යනකොට, තමන්ගේ “මස් කපන බිරිඳ” තමන්ගේම සේනාවේ සෙන්පතිනියක් විදිහට ඉන්නවා දැකලා පුදුම වෙනවා. යුද්ධයත් එක්ක ගෙතෙන මේ දෙන්නගේ අමුතුම ආදර කතාව කොහොම ඉවර වෙයිද? 🥀🛡️

ඔයා Action තියෙන, ඒ වගේම කෙල්ලෙක් වීරවරියක් වෙන (Strong Female Lead) කතා බලන්න ආස නම්, Pursuit of Jade කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මේකේ තියෙන ඇක්ෂන් වගේම Zhang Ling He සහ Tian Xi Wei ගේ Chemistry එකත් සුපිරියටම තියෙනවා. 🌸✨

මේ කතාවට සිංහල උපසිරැසි ගෙනාපු මම,

~ හංසන හෙට්ටිආරච්චි ~ ✨️

 

සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ හංසන හෙට්ටිආරච්චි විසින්.

Comments

August 20, 2026

Supiri pattama tv series ekak thawa hoda Chinese tv series Danna puluwan nam loku deyak. API asai balanna thawa hoda Chinese show.

August 24, 2026

thawa me wage lassana Chinese drama denna

August 25, 2026

වැඩේ මරු… Sub ටිකත් සුපිරි… 👌 legend of fei chaina drama එකත් දෙන්න කෝ ඔහොම 😊

Amee Sandin August 25, 2026

Ow ane mekanam pissuwa ane sathiyakata sarayakwath me wage chinese drama ekk dennko 😔😔😔😔😔😔 meke episode godak thiyena nisa blnna asa hithenawa ane please please please please please please please please please please ane thawa dennko 🫶🫶🫶🫶🫶🫶🫶🫶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚❤️💚💚❤️💚❤️💚💚❤️❤️❤️💚❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚❤️❤️❤️❤️❤️❤️🧚😊🧚🫶🫶💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

October 6, 2026

Ada mn meka balala ivr kara. Supirima drama ekk thama. Meka nisa thava cdrama balanna asa hithuna. Sub eka supiriyatama dila thibuna. Kisi adupaduvak danune na. Thank you ❤️🥹. Thava cdrama one issarahata. Fated hearts, love for you, love in the clouds vage.

October 16, 2026

Me dram ekath dennako Where the Mask Ends

October 18, 2026

Lasanai kiyala wadak na. guardians of dafeng Chinese mobies ekath denna ko…. ikmanat.

October 18, 2026

Such a beautiful drama! The best Chinese drama I’ve watched in 2026 so far ❤️

October 30, 2026

Where the mask ends cdrama ekath dennako ikmanata 🥹