Spooky in Love – 오싹한 연애 – ඔස්සාක්හන් යොන්හේ – අද්භූත ආදරය කියන්නෙ Choi Jung-mi විසින් රචිත, Lee Min-soo විසින් අධ්‍යක්ෂණය කළ Park Eun-bin, Yang Se-jong, Ong Seong-wu රංගනයෙන් දායක වන, විකාශය වීම ආරම්භ වුන නියමිත දකුණු කොරියානු Horror, Comedy, Romance, Fantasy ශානරයන්ට අයත් රූපවාහිනී කතාමාලාවක්. ඒවගේම 2011 වසරේ තිරගත වූ ‘Spellbound’ චිත්‍රපටය පාදක කරගනිමින් නිර්මාණය වූවක්. හොල්මන් දකින්න පුලුවන් ධනවත් පවුලක උරුමක්කාරියක් වගේම හොල්මන් දැක්කම අම්බානෙකට බය වෙන රජයේ නීතිඥයෙක්ගේ කතාව තමා මේකෙ අන්තර්ගතය. 2026 ජූලි 18 වන දින tvN නාලිකාවේ ඔස්සේ මංගල දර්ශනය දිගහැරෙන අතර, සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම (කොරියානු වේලාවෙන්) රාත්‍රී 21:10 ට විකාශය වීමට නියමිතයි. ඒ වගේම Netflix හරහාද නැරඹීමට පුලුවන්කම තියෙනවා. ‘Spooky in Love’ කතාමාලාව ගෙතී ඇත්තේ Cheon Yeo-ri සහ Ma Gang-uk වටා.

ප්‍රධාන චරිත

Park Eun-bin – චොන් යෝ-රි – රෙයිනා හෝටල් ප්‍රධානියා

Yang Se-jong – මා කං- උක් – සෝල් දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලයේ අභිචෝදක

Ong Seong-wu – කං මින්-හ්වාන් – CL රේමන්ඩ් හෝටල් ප්‍රධානියා

Cheon Yeo-ri කියන්නෙ අවතාර දකින කෙනෙක්. අසාධාරණ විදිහට මැරුණ අයගෙ ආත්මයන් හින්දා සෑම රාත්‍රියකම පීඩා විඳින, කොරියාවේ ඉහළම පෙළේ සමූහ ව්‍යාපාරයක උරුමක්කාරිය මෙන්ම සුඛෝපභෝගී හෝටලයක ප්‍රධාන විධායක නිලධාරිනියක්. විශ්මයජනක සුන්දරත්වය, පෝසත්කම මනාව විදහාපාන පෙනුමක් යෝ-රිට තිබ්බත් එටාට අවතාර පේනවා කියන රහස එයා හැමෝගෙන්ම හංඟගෙන තමා ජීවත් වෙන්නෙ.

Ma Gang-uk කියන්නෙ නොවිසඳුණු මිනීමැරුම් නඩු විමර්ශනය කරන, මනා ශරීර යෝග්‍යතාවයක් තියෙන බුද්ධි මට්ටමෙන් ඉහළ ගැඹුරු හැඟීම් වගේම සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන අතිදක්ෂ, උද්‍යෝගිමත්, ගවේෂණාත්මක අභිචෝදකවරයෙක්

අසාධාරණ විදිහට මියගිය අයගේ නොසන්සුන් ආත්මයන් මේ ධනවත් උරුමක්කාරියට හැම රෑකම පීඩා කරනවා එතකොට මේ නීතිඥවරයා නොවිසඳුණු මිනීමැරුම් නඩු විසඳන්න රැයක් දවාලක් නැතුව මහන්සිවෙනවා. මේ අතරවාරයෙදි මේ දෙන්නා එකතුවෙලා සමාජයේ සැඟවුණු නපුරට විරුද්ධව සටන් කරනවා. ඔන්න ඔය විදිහට මේ දේවල් විසදෙද්දි මේ දෙන්නා අතර “අත්භූත ආදරය” කියන දේ හටගන්නවා.

එහෙනම් වැඩි විස්තර මොකටද? කතාව බලලම ඉමු.

Comments

July 19, 2026

Penthouse kdrama eka dennako

August 13, 2026

Spirit fingers dennako

August 21, 2026

Love in contract dennako

August 23, 2026

Our sticky love ona

August 30, 2026

kooooo bn ithuru episode

September 1, 2026

oue sticky lobe oneeeeeeeeeeeeeeeeeeeeeee

September 2, 2026

Love in the moonlight ona