Avatar: Seven Havens (2026) TV Series | S01 | EP01-03 | Incomplete
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-03 ✅
Episode 04-13 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast PageThe Legend of Korra සිදුවීම්වලින් අවුරුදු ගණනාවකට පස්සේ, ලෝකය සෑහෙන්න වෙනස් වෙලා. පැරණි ශිෂ්ටාචාර සහ තාක්ෂණය එකතු වෙලා නිර්මාණය වුණු අලුත් යුගයක තමයි මේ කතාව දිගහැරෙන්නේ. “Seven Havens” එහෙමත් නැත්තම් “සප්ත ක්ෂේම භූමි” කියන්නේ මේ මුළු ලෝකයම විනාශකාරී බලපෑමකට ලක්වෙද්දී ඉතිරි වුණු ප්රධාන ආරක්ෂිත කලාප 7ට. මේ කලාප 7 ආරක්ෂා කරන්නත්, ඒ වගේම බිඳ වැටුණු ස්පිරිට් (Spirit Realm) සහ මානුෂීය ලෝකය අතර සමබරතාවය නැවත ඇති කරන්නත් තමයි අලුත්ම ඇවටාර්වරයාට හෝ ඇවටාර්වරියට සිද්ධ වෙන්නේ.
ඈන්ග් (වායු) සහ කෝරා (ජලය) ගෙන් පස්සේ ඇවටාර් චක්රයට අනුව ඊළඟට එන්නේ Earth Avatar (භූමි ඇවටාර්) කෙනෙක්. මෙවර කතාව ගොඩනැගෙන්නේ ඒ අලුත් භූමිපාලක ඇවටාර් වටායි. කෝරාගේ කාලේ තිබ්බ industrial 1920s look එකටත් වඩා ඉදිරියට ගිය, ඒත් එක්කම ස්පිරිට්ස්ලා සහ බෙන්ඩින් බලපෑම් එකට මුසු වුණු ලස්සන Cyber-Fantasy ලෝකයක් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. වෙනදා වගේ රාජධානි 4 (Nations) වෙනුවට, මෙවර අවධානය යොමු වෙන්නේ මේ “Seven Havens” එකිනෙකට වෙනස් පරිසර සහ සංස්කෘතීන් සහිත ආරක්ෂිත නගර 7 ආරක්ෂා කිරීම සහ ඒවා අතර තියෙන දේශපාලනික හා පැවැත්මේ සටන ගැන.
භූමිය, ගින්දර, ජලය, වායු විතරක් නෙමෙයි, ලෝහ, ලාවා, අකුණු වගේ Sub-bending Styles වල අලුත්ම Visual Effects අපිට මේකෙන් දැකගන්න පුළුවන් වෙනවා. නිකංම සටන් විතරක් නෙමෙයි, මිත්රත්වය, කැපකිරීම්, සහ තමන්ගේ වගකීම හඳුනාගැනීම ගැන ලස්සන පණිවිඩයක් දෙන Plot එකක් මේකේ තියෙනවා. පරණ Aang ගේ සහ Korra ගේ ලෝකයේ තිබ්බ සමහර Easter Eggs සහ අලුත්ම characters ලගේ එකතුව නිසා පරණ fans ලටයි, අලුත් අයගෙයි දෙගොල්ලන්ටම එක වගේ අත්විඳින්න පුළුවන් සීරිස් එකක් කියලා කිව්වත් මං නිවැරදියි.
“When the world is in chaos, a new Avatar must rise to bring balance to the Seven Havens.”


















