Cast
Go Full Cast PageOne of a Kind Romance (2026) කියන්නේ ජනප්‍රිය Webtoon එකක් ඇසුරින් හදපු, කොටස් 12 ක අලුත්ම කොරියානු ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Red Velvet සංගීත කණ්ඩායමේ Joy සහ Kim Hyun-jin. රස්සාවක් හොය හොයා ඉන්න සාමාන්‍ය තරුණියක් වෙන Gong Yu-il ට, හිතපු නැති විදිහට ජනප්‍රිය සුපිරි නළුවෙක් වෙන Tak Mu-i ගේ මැනේජර් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා.
කතාවේ පොඩි spoiler එකක් කිව්වොත්, මේ සුපිරි නළුවා ඇත්තටම ඉස්සර Yu-il ලියපු නවකතාවක ලොකු රසිකයෙක්. ඒ වගේම Mu-i ගේ පස්සෙන් එන රහසිගත stalker කෙනෙක් නිසා එයා ලොකු මානසික පීඩනයකින් ඉන්නේ. අර stalker මේ දෙන්නගේ සම්බන්ධය වැරදියට තේරුම් ගත්තම, Yu-il ත් ලොකු අනතුරකට වැටෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොටම එකට මුහුණ දීලා විසඳුම් හොයද්දී, රාජකාරියෙන් එහාට ගිහින් මේ දෙන්නා අතරේ ඇත්තම ආදරයක් ඇති වෙනවා. සැහැල්ලු ආදර කතාවක් එක්ක පොඩි කුතුහලයකුත් තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන කතා මාලාවක්.




















