Panchanama Season 01 2026 – එකම දවසේ සිදුවුණ අභිරහස් මරණ හතර!

ආයුබෝවන්. අද ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුණු ගොඩක් කුතුහලය පිරුණු තෙලුඟු ක්‍රයිම් ත්‍රිලර් වෙබ් සීරීස් එකක්. IMDb දර්ශකයේ මේ වෙනකොට 6.3 ක අගයක් ගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා. පොලිස් පරීක්ෂණ සහ වෛද්‍ය මාෆියාවක් වටා ගෙතුණු මේ කතාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ජෛයි කියන්නේ පොලිස් නිලධාරියෙක්. එයාගේ මල්ලි ආදි හදිසියේම ගෑස් ආඝ්‍රහණය වීමක් නිසා සිද්ධ වුණු අනතුරකින් මැරෙනවා. හැබැයි මේ මරණය ගැන පරීක්ෂණ කරද්දි ජායිට තේරෙනවා මේක සාමාන්‍ය අනතුරක් නෙවෙයි සැලසුම් කරපු මිනීමරුමක් කියලා. තවත් තරුණයෝ තුන්දෙනෙක් හරියටම ආදි මැරුණු දවසේම මේ විදිහටම අභිරහස් විදිහට මැරිලා තියෙනවා කියලා එයා හොයාගන්නවා. මේ ඔක්කොම මරණ පිටිපස්සේ තියෙන්නේ ව්‍යාජ වෛද්‍ය පරීක්ෂණයක්. මෘත ශරීරාගාරයේ වැඩ කරන මාරුති කියන අසරණ තාත්තා තමන්ගේ පුතාගේ මරණයේ ඇත්ත ලෝකෙට පෙන්නන්න මළසිරුරු එක්ක වැඩ කරනකොට ජෛයි් මේ මිනීමරුම් වල සුලමුල හොයාගෙන යනවා. මේක පිටිපස්සේ ඉන්න දොස්තරගේ රහස මොකක්ද? අහිංසක තරුණයින්ව බිලිගන්න මේ වෛද්‍ය මාෆියාවේ මහ මොළකරු කවුද කියන එක දැනගන්න නම් ඔයාට මේ කතා මාලාව බලන්නම වෙනවා.

ඉතින් මේ කුතුහලය පිරුණු වෙබ් සීරීස් එකේ සිංහල උපසිරැසි සහිත වීඩියෝව. දැන්ම cinesubz.lk අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ජයවේවා!

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ Happy Heaven විසින්.

Comments

October 2, 2026

Episode 6 ?8 ?

    Cinesubz October 6, 2026

    Season 01 (Complete) ✅
    Episode 01-06 ✅

    Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.

October 2, 2026

Episode 8 thiye kiwwata 6yi ne thiyenne

October 3, 2026

Supiri

October 5, 2026

Panchanama full movie eka episode 08 na ne episode 06 tiyenne

    Cinesubz October 6, 2026

    Season 01 (Complete) ✅
    Episode 01-06 ✅

    Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.

October 6, 2026

Episode 7 8 nane make

    Cinesubz October 6, 2026

    Season 01 (Complete) ✅
    Episode 01-06 ✅

    Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.

October 11, 2026

සීසන් 2 ඕන