Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

?Quality
? WEBRip 720p

?Season 01
Episode 01-09 ✅ (Complete)

?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත.

ඉතින් මේ සීරිස් එක ගැන ටිකක් කතා කරන්නම්. STAR WARS කියන දැවැන්ත විශ්වය ගැන කතා කරන්න යන්නේ නැහැ මම. ඔයා ස්ටාර් වෝර්ස් රසිකයෙක් නම් මේ යුනිවර්ස් එක ගැන දන්නවනේ. මේ දවස් වල යන THE BOOK OF BOBA FETT සීරීස් එකත් බලනවා ඇතිනේ ඔයාලා.

සීක්වල් ෆිල්ම් තුනෙන්, ඒ කියන්නේ EPISODE VIIVIII සහ IX තුනෙන් ලැබුණු දැවැන්ත රසික අප්‍රසාදය නිසා ස්ටාර් වෝර්ස් නම පහත වැටෙමින් තිබුණු කාලෙක ඩිස්නිලා ස්ටාර් වෝර්ස් නිර්මාණයක් කරන්න බාර දෙනවා Jon Favreau හට. ඉතින් එයා නිර්මාණය කරපු THE MANDALORIAN සීරිස් එක නිසා අද වැටෙමින් තිබුණු මේ යුනිවර්ස් එක පණ ගහලා ආවා. ඔයාලට මතක ඇති ටීවී සීරිස් එකක එදා මෙදාතුර ආපු අති සාර්ථකම එපිසෝඩ් එකක් තමයි දෙවෙනි සීසන් එකේ අවසන් එපිය. ඉතින් මේ සීරිස් එක නිසා ආපහු මේ යුනිවර්ස් එක හරි පාත් එකට වැටුණු නිසා ඩිස්නි ලා තවත් ස්ටාර් වෝර්ස් ප්‍රොජෙක්ට් ගණනාවක් නිවේදනය කරා. ඉත්න් එතනින් එකක් තමයි STAR WARS: VISIONS කියන්නේ.

2021 සැප්තැම්බර් 22 ඩිස්නි ප්ලස් ඔස්සේ නිකුත් වෙච්චි මේක කිහිප විදියකින් සුවිශේෂී සීරිස් එකක්.

01 මේක තමයි ස්ටාර් වෝර්ස් ඉතිහාසයේ පළවෙනි ANIME ප්‍රොජෙක්ට් එක. මේක ජපන් ස්ටුඩියෝ හතක් එකතු වෙලා කරපු සීරිස් එකක්. මේකත් එක්ක ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එක ෆිල්ම්, සීරිස්, ගේම්, කොමික් වගේ අංශ ගණනාවක ඉඳලා ඇනිමේ වලටත් පා තබනවා..

02 ඒ වගේම මේක ANTHOLOGY සීරිස් එකක්. ඒ කියන්නේ එක එපිසෝඩ් එකකින් එක කතාවක් විදියට, එකිනෙකට සම්බන්දයක් නැති එපිසෝඩ් එක්ක යන සීර්ස් එකක්.

03 ප්‍රධානම දේ තමයි මේක මේක ස්ටාර් වෝර්ස් NON-CANON සීරිස් එකක්. ඒ කියන්නේ මේක ස්ටාර් වෝර්ස් කතාවක් උනාට අපි දන්නා ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එකට සම්බන්දයක් නැති සීරිස් එකක්. (ෆිල්ම් 11, CLONE WAR, REBELS, BAD BATCH, THE MANDALORIAN, THE BOOK OF BOBA FETT, RESISTANCE තමයි CANON එහෙමත් නැත්නම් ස්ටාර් වෝර්ස් යුනිවර්ස් එකට අදාළ සිනමා සහ ටීවී නිර්මාණ ටික) ඉතින් විෂන් සීරිස් එකේ වෙන කිසිම දෙයක් ප්‍රධාන යුනිවර්ස් එකට බලපෑමක් වෙන්නේ නැහැ. (මේ විදියටම 2003 ආපු Star Wars: Clone Wars කියන සීරිස් එක මේ වෙද්දී NON-CANON සීර්ස් එකක් විදියට තියෙන කොට 2008 ආපු Star Wars: The Clone Wars සීරිස් එක CANON විදියට තියෙනවා.)

Lucasfilm හි මගපෙන්වීම යටතේ Kamikaze Douga, Studio Colorido, Geno Studio, Trigger, Kinema Citrus, Production I.G, සහ Science SARU කියන ස්ටුඩියෝ හත එකතු වෙලා තමයි මේ සීරිස් එක නිර්මාණය කරන්නේ. ඉතින් අපිට මේ සීර්ස් එකේ එපිසෝඩ් මේ එකිනෙකට වෙනස් ස්ටුඩියෝ වල එකිනෙකට වෙනස් ඇනිමේ ස්ටයිල් වලින් තමයි දකින්නේ ලැබෙන්නේ. සීරිස් එකේ එපිසෝඩ් නවය උඩ කිව්ව ස්ටුඩියෝ වලින් නිර්මාණය කරේ මේ විදියට

  1. The Duel (Kamikaze Douga)
  2. Tatooine Rhapsody (Studio Colorido)
  3. The Twins (Studio Trigger)
  4. The Village Bride (Kinema Citrus)
  5. The Ninth Jedi (Production I.G)
  6. T0-B1 (Science SARU)
  7. The Elder (Studio Trigger)
  8. Lop and Ochō (Geno Studio)
  9. Akakiri (Science SARU)

ඉතින් ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ස්ටාර් වෝර්ස් රසිකයෙක් නම් මේක මගහැරගන්න එපා. ඒ වගේම ඇනිමේ ස්ටයිල් එකෙන් මේ විශ්වය දකින එක වෙනස්ම අත්දැකීමක් ගෙනේවි ඔයාලට.

Comments