YAGA (2026) TV Series | S01 | EP01 | Incomplete
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01 ✅
Episode 02-08 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageඅද මම ඔයාලට අරගෙන ආවේ මේ දිනවල අන්තර්ජාලය තුළ ලොකු කතාබහට ලක්වෙන අලුත්ම අලුත් කැනේඩියානු Supernatural Horror Mystery ටීවී සීරිස් එකක්. නම තමයි “Yaga”.
ප්රසිද්ධ නාට්ය රචිකාවක වන කැට් සැන්ඩ්ලර් විසින් ඇයගේම 2019 නාට්යයක් පාදක කරගෙන නිර්මාණය කළ මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ අපේ රටවලත් අසන්න ලැබෙන පැරණි “බබා යාගා” ජනප්රවාදයයි. මේ වසරේ (2026) පෙබරවාරි මාසයේදී බ්රිතාගම් කොලොම්බියා හි රූගත කිරීම් ආරම්භ කරපු මේ සීරිස් එකේ පළමු එපිසෝඩ් දෙක පසුගිය ඔක්තෝබර් 23 වෙනිදා කැනඩාවේ Crave ප්ලැට්ෆෝම් එක හරහා එළිදැක්වුණා.
කතාව ගැන මම පොඩ්ඩක් ඔයාලට එහෙනම් කියන්නම්,
පුංචි වෙරළබඩ නගරයක සිදුවෙන අභිරහස් අතුරුදන්වීමක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. වාණිජ ධීවර කර්මාන්ත ශාලාවක උරුමකාරයා වන “හෙන්රි පාර්ක්” එකපාරටම අතුරුදන් වෙනවා. මේ අභිරහස් අතුරුදන්වීම සොයන්න පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන “රැප්” මැදිහත් වෙනවා.
ඒත් එක්කම ප්රාදේශීය රහස් පරීක්ෂක “කාසන්” සහ බාල වයසකාර පිරිමින්ට ආසා කරන විශ්වවිද්යාල මහාචාර්යවරියක් වන “කැතරින්” කියන චරිතත් මේ පරීක්ෂණයට සම්බන්ධ වෙනවා. හැබැයි මේ පරීක්ෂණය හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. අභිරහස් සැකකරුවන් වගේම පැරණි අද්භූත බලවේග මේක අස්පෘශ්ය, බිහිසුණු පැත්තකට හරවන්න පටන් ගන්නවා.
අද්භූත සිදුවීම්, අභිරහස් සහ ත්රාසජනක කතා රස විඳින්න කැමති ඔයාලට මේක මඟ හැරගන්න බැහැ. පළමු එපිසෝඩ් එකේ උපසිරැසි සමඟින් සීරිස් එක නරඹන්න පටන් ගන්නකෝ.
























