EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHalloween (2018) with Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා නැවතත් නිදැල්ලේ!! [සිංහල උපසිරැසි සමග]
Halloween Sinhala Sub
Halloween 2018 Subtitle
Halloween 2018 Sinhala Subtitles
ඒ 1963 වසරේ හැලෝවීන රාත්‍රියයි..
ජුඩිත් හිටියේ කාමරේට වෙලා ඔලුව පීර පීර.
ජුඩිත්ගේ මල්ලි, අවුරුදු 6ක් වයස මයිකල් හෙමින් හෙමින් ජුඩිත්ගේ කාමරේට ආවා.
ජුඩිත් හැරිලා බැලුවා,
මොනවත් හිතාගන්න කලින් මයිකල් ජුඩිත්ට පිහියකින් කොටාගෙන කොටාගෙන ගියා..
ඒ 1978 හැලෝවීනයට කලින් දවසයි.
අවුරුදු 15කට පස්සේ,
මයිකල් හිරෙන් පැනලා එනවා.
මිනිහට හරියට ලේ තිබහයි.
හැලෝවීන දවසේ, මයිකල් අලුත් ගොදුරක් හොයනවා.
ලෝරා..
කවුදෝ පස්සෙන් එනවා වගේ ඇයට දැනෙනවා.
කවුදෝ ළඟින් හුස්ම ගන්නවා වගේ ඇයට දැනෙනවා.
රෑ උනා, දඩයම පටන් ගත්තා.
හැලෝවීනය ලේ වලින් නෑවිලා ගියා.
ලෝරාගේ යාළුවො එක එකාව කපලා මරලා තිබ්බා
ඒත් ලෝරා සටන් කරා, ජීවිතේ වෙනුවෙන් සටන් කරා
අන්තිමට ඇය දින්නා.
මයිකල් පැරදුනා.
ඒත් ඌ අතුරුදහන් වෙලා.
අවුරුදු 40කට පස්සේ,
මේ 2018 අවුරුද්ද.. හැලෝවීනයට තියෙන්නේ දින කීපයයි.
ලෝරා දැන් වයසයි,
හුදෙකලාව ජීවත් වෙන්නේ..
ඇයට දැනෙනවා කවුදෝ පස්සෙන් එනවා වගේ..
ඇයට දැනෙනවා කවුදෝ ළඟින් හුස්ම ගන්නවා වගේ…!!.
වසර 40ක් පුරා විටින් විට අපි හමුවට ඇවිත් භීතියෙන් ඇඟ කිලිපොවලා යන Halloween චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය එහෙමත් නැත්තම් 11වෙනි දිගුව තමයි මේ අරන් එන්නේ. හොරර් ගණයේ චිත්‍රපටියකට ගන්න පුළුවන් හොඳටම ප්‍රමාණවත් අගයක් විදිහට IMDb මීටරය 7කට කැරකිලා තියෙන ඒකෙන් හිතාගත්තහැකිනේ චිත්‍රපටියේ තරම. ඒ වගේම චිත්‍රපටි 11 පුරාවටම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මෙන්න මේකම තමා. දැන් හිතනවා ඇති, දෙයියනේ මේක බලන්න අර කලින් චිත්‍රපටි 10ම බලලා ඉන්න ඕනද කියලා. කොහොමත් නෑ. මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ 01 වෙනි චිත්‍රපටියට. එතනින් අවුරුදු 40කට පස්සේ යන කතාව තමා මේ තියෙන්නේ. ඕනම නම් ඒක බලලා මේක බලන්නත් පුළුවන්. නැත්තම් මේක විතරක් බලන්නත් පුළුවන්, රසයට කිසිම අවුලක් වෙන්නේ නෑ සහතිකයි. පුළුවන් නම් 11ම බලන්න, අපරාධයක් නම් වෙන්නේ නෑ.
ඔව් ඔව්, මේක මම කරන්න හිටපු එකක් නම් නෙමේ. අඩවියේ මේක වෙනුවෙන් ඡන්දයක් තිබිලා, අපේ නිලුපුල් සහෝදරයා උඩින්ම දින්නත් එක්කනේ. ඉතින් එයා කරන්න තිබ්බ එක තමා, එතුමට වලක්වන්න බැරි රාජකාරි කටයුත්තක්ය කියලා හසන්ත සහෝදරයා මට සෙට් කරලා දුන්නේ. ඉතින් දෙන්නටම මේ වෙලාවේ ස්තුතිය පුද කර සිටිනවා ඒ වෙනුවෙන්. ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන බුද්ධික නුවන් සහෝදරයට. ඒ මොකද එයා තමා කලින් Halloween චිත්‍රපටි සියල්ලටම උපසිරැසි ගැන්වුවේ. කවුරුත් කරන්න තියා හිතන්නේවත් නැති වැඩක්. ඉතින් එයා නිසා අද ඕන නම් ඔයාලට ඒ චිත්‍රපටි ටික සිංහලෙන්ම බලලා මෙතනට එන්න පුළුවන්. ඒ කර්තව්‍යයට එතුමන්ට ප්‍රණාමය පුද කරන ගමන් සමුගන්නම්.











