EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Confidential Assignment 2 : International (2022) | ” ත්‍රිත්ව නියෝජිත මෙහෙයුම

හරි එහෙනම් Confidential Assignment 2017  කියන 2017 වසරේ නිකුත් උනු පලවෙනි චිත්‍රපටයේ Sequel එකක් තමා මේක.ඉතින් ඒක නොබලපු අය ඉන්නවනම් බලන්න කතා දෙකනම් වෙනස් නමුත් චරිත අදුරගන්න එක්ක වගේම පලවෙනි ෆිල්ම් එකෙත් ස්ටෝරිය නියම නිසා බලන්න.

Confidential Assignment 2 : International චිත්‍රපටය නිකුත් උනේ පසුගිය සැප්තැම්බර් 07 වෙනිදා.ඉතින් අතිසාර්ථකව සිනමාශාලා වල තිරගත වුනු චිත්‍රපටිය බොක්ස් ඔෆිස් හි  ඇමරිකානු ඩොලර් මිලියන 53.7 ක ආදායමක් උපයන්න සමත් උනා.ඒ කොරියානු වොන් බිලියන 18 ක වියදමක් දරල නිපදවලා.ඒ කියන්නෙ ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 13 ක් වැනි ප්‍රමාණයක්.ඉතින් 2022 වසරේ කොරියන්  සිනමාවේ තුන්වන වැඩිම ආදායමට හිමිකම් කියන්නෙත් මේ චිත්‍රපටය තමයි.

ඉතින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Lee Suk-Hoon විසින්.ඒ වගේම පලවෙනි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කීපයම මේකෙත් ඉන්නව.ඒවගේම අලුතින් එකතු වුනු අයත් බලාගන්න පුලුවන්.Cast එක ගත්තම ඉතින් පෙලගැස්ම මෙහෙමයි.


• Hyun Bin
• Yoo Hae-jin
• Im Yoon-ah
• Daniel Henney
• Jin Seon-kyu

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.ජන්ග් ම්‍යොන්ග් ජුන් කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්.කොහොමහරි ජැක් කියන FBI නිළධාරියට පුලුවන් වෙනවා ලැබුනු ඔත්තුවක් අනුව ගිහින් මෙයාව කොටු කරගන්න.ඉතින් ඇත්තටම මේ ජන්ග් ම්‍යොන්ග් ජුන් කියන්නෙ උතුරු කොරියානුවෙක්.ඒ නිසා එයාව ඇමරිකාවෙන් උතුරු කොරියාවට අරන් යන්න ලිම් චොල් රියුන්ග් ලෑස්ති වෙනව.නමුත් ජැක් මේකට අකමැති වෙනව එයා කාලයක් ලුහුබැඳල අල්ලගත්ත අපරාධකාරයා නිසා.ඉතින් ඔහොම උතුරු කොරියාවට අරන් යන්න යන මගදි ලොකු කරදරයක් සිද්ද වෙනවා.
ඉතින් ඒකත් එක්ක මේක තව දුරටත් උතුරු කොරියාව , ඇමරිකාව විතරක් නෙමෙ දකුනු කොරියාවත් ඈදෙනවා.

ඉතින් සුපිරිම ඇක්ෂන් ටිකක් වගේම කොමඩි සීනුත් තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් මේක.අරගෙන බලන්න එහෙනම් ගිහින් එන්නම්.

Comments

December 20, 2022

Fantastic movie ….action & comedy werry well