CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3181 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kaashmora (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaashmora (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 28, 2016India164 Min.
Your rating: 0
10 3 votes
Kaashmora (2016) | මාගේ සාපය පෝ දින අවසන් වේවි

සමස්ත දමිළ සිනමා ක්ෂේත්‍රය කළඹවමින්, 2016 වර්ෂයේදී හමා ආ චණ්ඩ මාරුතයක් බඳු වූ අනර්ඝ සිනමා සිත්තමක් තමයි මේ වතාවේ අරගෙන එන්නෙ. 2016 වර්ෂය කියන්නේ, දමිළ සිනමාවට ඉතාමත්ම අනර්ඝ චිත්‍රපට රාශියක් දායාද වූ වර්ෂයක්. එම චිත්‍රපට අතුරින්, ඒ සඳහා ඉහලම අන්දමින් දායක වූ චිත්‍රපටයක් ලෙස මෙම kaashmora චිත්‍රපටයට හිමිවන්නෙ ප්‍රමුඛතම ස්ථානයක් යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. අති දැවැන්ත ධනස්කන්ධයක් වියපැහැදම් කරමින්, අතිශය ජනප්‍රිය නළු නිලියන් රාශියකගේ දායකත්වය සහිතව, අති නවීන තාක්ෂණයද මැනවින් මුසුකොට නිෂ්පාදනය කරන ලද මෙම සිත්තම සමස්ත ප්‍රේක්ෂක ජනතාවටම නැවුම් වූ අත්දැකීමක් වූවාට නම් කිසිඳු සැකයක් නොමැත.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන භූමිකාවට පණ පොවන්නෙ, 2007 වර්ෂයේදී හොඳම නළුවා සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පුද ලද, දකුණු ඉන්දීය ජනකාන්ත නළු, Karthi සහ, සිය අයස්කාන්ත රූ සපුවෙන් සහ අති දක්ෂ රංගන ප්‍රතිභාවෙන් ලොවක් වසඟයට ගැනීමට සමත්වූ සුරූපී, Nayanthara විසින්ය. මීට අමතරව, Sri Divya සහ Vivek යනාදීන්ද සිය රංගන දායකත්වයෙන් සමස්ත චිත්‍රපටයම ඒකාලෝක කොට තිබෙනවා.

චිත්‍රපටය පිළිබඳව කතාබහ කිරීමේදී, kaashmora චිත්‍රපටය තුල සංගීතය සඳහා වෙන් වන්නෙ සුවිශේෂී ස්ථානයක්. Iruthi Suttru , Kadhalum Kadandhu Pogum, Manithan, Iraivi, Kabali, Kodi ආදී 2016 වර්ෂයේ නිකුත් වූ අනර්ඝතම දමිළ චිත්‍රපට රාශියකට මෙන්ම, 2017 වර්ෂයේදී නිකුත්වීමට නියමිතව ඇති Bairavaa චිත්‍රපටයේද සංගීත අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන්නාවූද, වර්තමාන හින්දි, දමිල, තෙලිඟු යනාදී බොහෝ භාෂාවන්ගේ ඉන්දීය චිත්‍රපට සඳහා සංගීතය අධයක්ශනයෙහි ලා අත්‍යාවශ්‍යම පුද්ගලයෙකු බවට පත්වී සිටින්නාවූ Santhosh Narayanan ගේ සුමියුරු නාද රටාවන්ගෙන් සමස්ත චිත්‍රපටයම හරි අපූරු ලෙස ඒකාලෝක වී පවතිනවා. සංගීත අධ්‍යක්ෂණයට අමතරව මෙම චිත්‍රපටය තුල ගීත ගායනයෙන්ද සිය හැකියාවන් විදහාපෑ මොහු සමගින්, Kalpana Raghavendar, Saisharan සහ Ananthu යන ගායක ගායිකාවන් ගීත ගායනයෙන් සහය දක්වනවා.

ඉන්දීය රුපියල් මිලියන 600ක අති විශාල ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිර්මාණය කෙරුනා වූ මෙම දැවැන්ත චිත්‍රපටය, 3D Face scan තාක්ෂනය භාවිතා කරන ලද ප්‍රථම දකුණු ඉන්දීය චිත්‍රපටය බවටද, 360-degree Omnidirectional කැමරා භාවිතා කරන ලද ප්‍රථම ඉන්දීය චිත්‍රපටය ලෙසටත් ඉතිහාස ගතවී හමාරයි. එමෙන්ම සමස්ත චිත්‍රපටය පුරාවටම විනාඩි 80ක කාල පරාසයක් සඳහා VFX තාක්ෂනය සහිත දර්ශන තලයන් යොදාගෙන තිබෙනවා.

2016 වර්ෂයේ දීවාලි උත්සවයට සමගාමිව, ඔක්තෝම්බර් මස 28 වෙනි දින සිට තිරගතවීම ආරම්භ කරමින්, දින තුනක් ගතවෙත්ම, සිය ආදායම් වාර්තාව ලෙස ඉන්දියානු රුපියල් මිලියන 380කින් සවි බල ගැන්වුණු මෙම සලරුව, Imdb දර්ශකයේ 6.0 ක ඉහළ මනාප අගයකින්ද සැදුම් ලත් වෙනවා. එමෙන්ම, පුරා හෝරා දෙක හමාරකට අධික කාලයක් මුළුල්ලේ දිග හැරෙන්නාවූ මෙම සලරුව, දමිළ සහ තෙලිඟු යන භාෂාවන් ද්විත්වයෙන්ම නිකුත්කොට තිබෙනවා.

ඔන්න එහෙනම් අපේ සිසිල සහෝ සුපිරි විස්තර ටිකක් නේද දීල තියෙන්නෙ? ? පට්ට ගැම්මක් ආව මේක කියවද්දි මට, හරි හරි එහෙනම් මන් කාෂ්මෝර ෆිල්ම් එකේ කතාව මෙහෙම පටන් ගන්නම්. කතාව කිව්වට කතාවම නෙමෙයි ඈ, චුට්ටක් ?

ඉතින් අපේ කාර්තික් ඒ කියන්නෙ කාෂ්මෝරා, ඉන්දියාවෙ ජනප්‍රිය මන්තර ගුරුකම් කරන ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මෙයාට අල්ලන්න බැරි යකෙක් නෑ. වැඩේ කියන්නෙ මෙයාගෙ මුළු පවුලෙම අය කරන්නෙ මේ රස්සාවයි. ඔයාලට කතාව බලාගෙන භාග දුරක්වත් යන්න හම්බෙන් නෑ. මොකද මෙයාල මේ මන්තර ගුරුකම් කරන විදිය බලාගන්න පුලුවන් වන නිසා. ? [ඔව් මුන් හොර කපුවො ටිකක් අපේ භාෂාවෙන් කියනවනම්.] ඒ වුනත් මිනිස්සු හිතන්නෙ මෙයා බලසම්පන්න දෙවි කෙනෙක් කියල. ඔය අතරේ අපේ ශ්‍රී දිව්‍යා ඉන්නවනෙ. එයාට ඕනි කරනව මේ යක්කු කියන දේ ඉන්නවද නැද්ද කියල හොයාගන්න. ඉතින් එයා ඉන්දියාවෙ තියෙන හැම කනත්තකටම වගේ ගිහින් ඒ ගැන තොරතුරු හොයනව. ඒ වුනත් එයාට හම්බෙන ඔක්කොමලම වංචාකාරයෝ නිසා එයාට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඔහොම ඉන්නකොට එක දවසක් එයාගෙ යාළුවෙක් අපේ කාෂ්මෝර ගැන කියනව. ඊට පස්සෙ එයා කොහොම හරි ගේමක් දීල කාෂ්මෝර සාමිත් එක්ක එකතු වෙනව. ඉතින් මේ අතරෙ ගොඩක් දේවල් සිද්ද වෙනව. එක පාරටම එක දවසක කාෂ්මෝරගෙ මුලු පවුලෙ අයත් එක්කම පැරණි විශාල මාලිගාවක හිරවෙනවා. ඉතින් කොහොමද මෙයාල මේ මාලිගාවෙ හිර වුනේ? ඒ ඇයි? එදකොට කවුද අර තට්ටයක් ගාගෙන ඉන්න කෙනා? මේ ඔක්කොටම උත්තරේ තියෙන්නෙ ෆිල්ම් එක ඇතුලෙ. එහෙනම් බලන්න කියල ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම SNAKE RAJ (Baiscopelk)
IMDb 5.5 /10 1,564 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Gokul
Director

Cast

Karthi isKaashmora / Raj Nayak
Kaashmora / Raj Nayak
Nayanthara isRathna Mahadevi
Rathna Mahadevi
Sri Divya isYamini
Yamini
Vivek isKaashmora's Father
Kaashmora's Father
Jangiri Madhumitha isKaashmora's Sister
Kaashmora's Sister
Madhusudhan Rao isAstrologer
Astrologer
Pattimandram Raja isYamini's Father
Yamini's Father
Siddarth Vippin isSpecial Appearance
Special Appearance

Similar titles

Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
Jaws (1975) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China II (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Perdida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govinda Naam Mera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolf Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: The Movie (1990) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gods of Egypt (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red Notice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Together Together (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published