EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kill Boksoon (2023) | මව් සෙනෙහසක බලය.

අද කාලෙ වෙනකොට කුලියට මිණී මරණ පුද්ගලයො, ඒ වගෙ කොන්ත්‍රාත් බාරගන්න අය ඕන තරම් ඉන්නව. ඉතිං ඒ වගේ අය එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනව MK කියල. ඒකෙ වැඩ කරන එක්තරා ගැහැණු කෙනෙක් තමයි මේ, gil-boksoon එහෙමත් නැත්නම් Kill-boksoon කියල කියන්නෙ. ඉතිං මෙයාට ඉන්නව දුවෙක්. මෙයාට මේ දුවත් බලාගන්න ගමන් මිණී මරණ රස්සාව කරන එක ඇත්තටම ලොකු අභියෝගයක්. ඉතිං මේ අභියෝගාත්මක ජීවිතේ boksoonට එන විවිධ කාර වූ කරදර පෙලක් තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ.

මුල ඉදන් අග දක්වාම හොඳ හයිප් එකකින් බලන්න පුළුවන් කතාවක් කියල කියන්න පුළුවන්. සිද්ධි දාමයක් ගලපල තියෙන විදිය වගේම අද්‍යක්ෂක වරයාගෙ කාර්‍ය භාරය ඉතා මැනවින් ඉටු කරල තියෙන මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම කොරියානු සිනමා පටය කියල බය නැතුව කියන්න පුළුවන්. Imdb දර්ශකයෙත් හොඳ අගයකට රේට් වෙලා තියෙන නිසා ලෝබ නැතුව බාගත කරගන්නත් පුළුවන්.

Comments