Tale of Legendary Libido | Garoojigi (2008) | එක් කල්පිත කාමරාගයක කතාවක් (18+)

මේ ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන කියනවා නම් මේක IMDb අගය 5.4 ක් ගත්තු කොරියානු චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාවටම හාස්‍යය පැතිරිලා තියෙනවා. කාන්තාධිපත්‍ය බලවත් වෙච්ච ගමක ජීවත්වෙන දුර්වල තරුණයෙක් මුල්කරගෙන තමයි චිත්‍රපටය ගලාගෙන යන්නෙ. කාන්තාවන්ගෙ උසුළු විසුළු වලට ලක් වෙවී ඉන්න මේ තරුණයට හදිස්සියෙම විශාල ශක්තියක් ලැබෙනවා. ඉන් පස්සෙ මුළු ගමටම සිදුවීම් ගණනාවකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් වැඩිය කියන එක හරි නෑනෙ. බලලම රසවිඳින්න කියල මම හැමෝටම ආරාධනා කරනවා. හැබැයි මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක් බව මතක් කරන්න කැමතියි.

Comments