EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Haari K. Chanduri, Srikanth Odela, Vinay Sagar Jonnala
Cast
Go Full Cast PageDasara (2023) | ” මිත්‍රත්වය වෙනුවෙන් ”
2023 වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වියදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.
තෙලිඟු සිනමාවේ Natural Star ⭐ ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින් සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.
ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.
එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.











