AVP: Alien vs. Predator (2004) | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස

මේ ෆිල්ම් එකෙන් දිගහැරෙන්නෙ ඇන්ටාක්ටිකාවෙ සිදුවන අබිරහස් සිදුවීමක් හොයන්න යන සල්ලිකාර මහත්මයෙක් සහ ඔහුගේ පිරිස වටා. මේකෙදි ඒගොල්ලො තාමත් වර්තමාන මානව විද්‍යාව පිළිබඳ ප්‍රවීනයන්ට හොයාගන්න නොහැකි වූ දෙයක් හොයාගන්නව. හොඳම දේ තියෙන්නෙ ඒකට Aliens ලයි Predators ලයි සම්බන්ධ වීම. ඔව්න් මුලින්ම හොයාගන්නෙ ඇන්ටක්ටිකාවෙ අයිස් තාට්ටුවක් යට හදපු පිරමීඩයක්. ඊට පස්සෙ ඒක හොයාගෙන ගිහින් ඒක අස්සට යන ඔවුන්ට ජීවිතේ හීනෙකින් වත් නොසිතූවිරූ අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්න සිද්ද වෙනව. ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ද වෙන අකරතැබ්බ මලජංජාල ටික තමයි ඔය සුපිරි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ. වැඩිය කිව්වොත් මෙලෝ රහක් නෑනෙ. ඕගොල්ලොම ඕක බලන්නකො.

මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Paul W.S. anderson. නිෂ්පාදණය කරල තියෙන්නෙ Jhon Davis. සංගීතය සපයල තියෙන්නෙ Harald kloser. රඟපෑමෙන් Sanna Lathan, Raoul Boya, Lance Henriksen, Enen Bremner වගේ සුපිරි නලු නිලි රැසක් මේ වැඩේට එකතුවෙලා ඉන්නව. මගේ අදහසනම් මේක සුපිරි ෆිල්ම් එකක්.

Comments

September 3, 2024

ඔගොල්ලො ලස්සනට කරම් යනව මෙක ❤ 1080p කොලිටි ගෙනව නම් හොදයි.. දිගටම.