EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMy Heart Puppy (2023) | මගේ බලු පැටියා
අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට අයිති වෙන මේ මූවි එකේ අධ්‍යක්ෂණයයි තිර රචනයයි දෙකම කරලා තියෙන්නේ Jason Kim විසින්.
වොන් බිලියන 3ක පිරිවැයකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. IMDB 7.5/10 ක අගයකුත් MyDramaList 8/10 ක අගයකුත් ලබාගන්න My Heart Puppy චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.
CAST – රංගන දායකත්වය
• Yoo Yeon Seok – මින් සු
• Cha Tae Hyun – ජින් ගුක්
Summary – සාරාංශය
මින් සු වැඩ කරන්නේ ඔෆිස් එකක. එයාගේ හීනයක් තමා කසාද බැදලා ලස්සන පවුලක් වෙන එක. රුනී කියන්නේ මින් සුගේ බල්ලා. මින් සුගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. ඉතින් පොඩි කාලේ ඉදන්ම මින් සුගේ පවුල වුනේ රුනී. දවසක් මින් සු එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සොන්ග් ග්යොන්ග්ට ප්‍රපෝස් කරනවා. සොන්ග් ග්යොන්ග් එක කැමැත්තෙන් පිලිගන්නේ. ඉක්මනටම කසාද බදින හින්දා සොන්ග් ග්යොන්ග් මින් සුට කිව්ව නැති රහසක් කියනවා. ඒ තමා සොන්ග් ග්යොන්ග්ට බල්ලෝ ඇලජික් කියන එක. ඉතින් මේක දැනගත්තම මින් සුට කර කියාගන්න දෙයක් නැතිවෙනවා. මින් සු අන්තිමේ තීරණය කරනවා එයාගේ නෑදෑයෙක්ට රුනීව බලාගන්න දෙන්න. ඉතින් ඒ වැඩේට උදව් ගන්නේ ජින් ගුක් ගෙන්. ජින් ගුක් කියන්නේ මින් සුගේ මස්සිනා. මින් සු එයාගෙම අයියා වගේ තමා ජින් ගුක්ට සලකන්නේ. දැන් ඉතින් නෑදෑයෙක්ට රුනීව දෙන්න බලද්දි රුනීව බලාගන්න කෙනෙක් හම්බෙන්නෑ. ඉතින් මින් සු තීරණය කරනවා හොද මනුස්සයෙක් හම්බුනොත් එයාට රුනීව බලාගන්න දෙන්න. ඔහොම යන ගමනෙදි ජින් ගුක්ටයි මින් සුටයි තව බලු යාළුවෝ ටිකක් සෙට් වෙනවා. ඉතින් මේ ගමනෙන් රුනීව හදාගන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ගමන අන්තිමේ මොකක් වෙයිද?
My Heart Puppy මේ අවුරුද්දේ ආපු Heart Touching ම මූවී එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ ලස්සන චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.




