EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIn Our Prime (2022) | ගණන් ඉගැන්වූ පාසල් ආරක්ෂකයා
Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 නිකුත් වුණ මේ චිත්‍රපටය නිකුත් වෙලා සති 2ක් ඇතුලත කොරියානු බොක්ස් ඔෆිස් ලයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා.US$ මිලියන 4.1 ක ආදායමක් උපයලා 2022 නිකුත් වුණු සියලුම කොරියානු චිත්‍රපට බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නත් In our prime චිත්‍රපටියට පුළුවන් වුණා.
මිනිත්තු 110 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කමමැලි නැතුව බලන්න පුලුවන්.
Cast-රංගන දායකත්වය
Kim Dong hwi – හන් ජී වූ
Choi min sik – ලී හක් සන්ග්
Jo Yun seo – පාක් බෝ රම්
Plot Synopsis- කතා සාරංශය
මුලින්ම ගණන් බැරි ජී වුට ක්ලාස් ටීචර් ගණන් බැරුව වැඩක් නෑ කියලා බනිනවා.ඊට පස්සේ මෙයා හොස්ටල් යාළුවන්ගේ ප්‍රශ්නෙකට අහුවෙලා සති දෙකක් ස්කෝලෙන් සස්පෙන්ඩ් කරනවා.එයාට ගෙදරත් යන්න බැරි හින්දා පාසල් මුරකුටියේ ඉන්නවා.පහුවදා ස්කෝලෙදී ගණන් උත්තර සාකච්චා කරද්දී දකිනවා එයාගේ ඔක්කොම උත්තර හරි කියලා.එයා දැනගන්නවා ඒක අනිවාරෙන් පාසලේ මුරකාරයගේ වැඩක් කියලා.ඇත්‍තටම මේ මුරකාරයා කවුද?එයාගේ රහස මොකද්ද?ජී වූ ගණන් වලට දක්ෂ වෙයිද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..
කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.









