EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Past Lives (2023) | ගිය ආත්මයේ අපි කවුරු වෙන්න ඇතිද?

අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක්කාලි 97% වගේ ඉහල අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව දිවයන්නේ නෝරා කියන කෙල්ලයි හේ සුං කියන කොල්ලයි අතර. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලා ගොඩක් හොඳ යහළුවෝ. හැමවෙලේම මේ දෙන්නා සෙල්ලම් කරනවා, එකට ඉස්කෝලෙ යනවා, මේ දෙන්නා අතර යහළුවන්ටත් වඩා එහා ගිය මිත්‍ර ආදරයක් මේ දෙන්නගෙ හිතේ ඇති වෙනවා. ඉතින් ඔහොම ඉද්දි නෝරාගේ දෙමාපියන් තීරණය කරනවා කොරියාව දාලා යුරෝපයේ රටකට යන්න.

ඉතින් මේ දෙන්නාට අවාසනාවන්ත ලෙස වෙන් වෙන්න වෙනවා. මේ දෙන්න ආයේ හමුවේවිද?

ඉතින් ඔතනින් පස්සේ තමා චිත්‍රපටයේ හොඳම දිගහැරුම පටන් ගන්නේ. වැඩි විස්තර කියලා චිත්‍රපටයේ රසාස්වාදයට හානි කරන්නෙ නැතුව ඔයාලටම මේ කතාව බලන්න කියලා මන් ආරාධනා කරනවා.

Comments