CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2811 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [NO ADS]
  • Player 03 [With Ads]
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 15, 2023United States103 Min.
Your rating: 0
9.3 25 votes
Expend4bles (2023) | ඔස්ලට් මෙහෙයුම

Expend4bles (2023) Sinhala Subtitles
චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි.

Expendables චිත්‍රපටයේ පළවෙනි කොටස නිකුත් උනේ මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නේ 2010 අවුරුද්දේ. මේ කතාවට ගොඩ දෙනෙක් කැමති උනේ ඒක ඇක්ෂන් චිත්‍රපටයක් වීම නිසා විතරක්ම නෙමෙයි. ඒකෙ හිටපු සෙට් එක නිසා. ඉතින් මේ සෙට් එකේ එකා දෙන්න හැලිලා, අලුත් එවුන් එකතු වෙමින් චිත්‍රපටයේ දෙවෙනි සහ තුන් වෙනි කොටස් පිලිවෙලින් 2012 සහ 2014 අවුරුදු වල එළියට ආවා. ලොකුම ගැන්සිය හිටියේ 2014 චිත්‍රපටයේ. ඔන්න ඉතින් අවුරුදු 9 කට පස්සේ කතාවේ 4 වෙනි කොටසත් ආවා. දැන් නම් සමහරු ගොඩක් වයසයි. හැබැයි ඒ නළුවන්ගේ ගතිය, ඒ පරිණත බව ගැන නම් කියන්න වචන නැහැ.

ඔයාලා දන්නවා ඇති Expendables ලා කියන්නේ කුලී පදනම මත සටන් වදින, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කියලා. මෙයාලා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇමරිකානු ආණ්ඩුවට සම්බන්ධ Central Intelligence Agency වගේ ආයතන වලට.

මේ කණ්ඩායමේ ඇති විශේෂත්වය වෙන්නේ සාමාජිකයන්ගේ වයස් පරතරය වැඩි වීම වගේම, එයාලා විවධ ජාතීන් නීයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ප්‍රධාන නළුවා බාර්නි (Sylvester Stallone) ගත්තම එයා ඉතාලි ජාතිකයෙක්. එතකොට ක්‍රිස්මස් (Sylvester Stallone) කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අනිත් අතට බාර්නි හද්ද නාකි වෙනකොට ගලාන් (Jacob Scipio) හරිම තරුණයි.

ඉතින් මේ Expendables ලාට මෙදා සැරේ ලැබෙන්නේ ලිබියාවට සම්බන්ධ මෙහෙයුමක්. කතාවට අනුව Central Intelligence Agency නියෝජිත මාෂ් (Andy García) මේ කට්ටියට දෙන වැඩේ තමයි ලිබියාවට ගිහින් ඔස්ලට් කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන ත්‍රස්තවාදියෙක්ව විනාශ කරන්න. ඒ ඔස්ලට් පරමාණු මිසයිල හදන්න අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන ලොකු විනාශයක් කරන්න හදන නිසයි. ඉතින් කවුද මේ ඔස්ලට් කියන්නේ? එතකොට ඔස්ලට්ට මේ වැඩේට උදව් කරන්නේ කවුද? මේවාට උත්තර හොයා ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Expend4bles චිත්‍රපටයේ ගැන්සිය තමයි පහලින් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජීනාව (Megan Fox) මේ චිත්‍රපටයට එකතු කර ගත්ත එක ගොඩක් දෙනා චිත්‍රපටය බලන්න හේතුවක් කර ගත්තා.

Jason Statham
Sylvester Stallone
Curtis “50 Cent” Jackson (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Megan Fox (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Dolph Lundgren
Tony Jaa (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Iko Uwais (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Randy Couture
Jacob Scipio (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Levy Tran (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Andy García (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)

Expend4bles අධ්‍යක්‍ෂණය කරේ Scott Waugh. බෙදාහැරීම කලේ Lionsgate Films. චිත්‍රපටය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියනවා. හැබැයි අදායම අතින් නම් චිත්‍රපටය එතරම් සාර්ථක උනේ නැහැ. තාම හොයලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 50 කට කිට්ටු අදායමක්. ඒ වගේම IMDb 5.1 අගයකුත් Rotten Tomatoes 14% අගයකුත් තමයි මේකට ලැබිලා තියෙන්නේ.

මේ අගයන් මොනවා උනත්, මට නම් කියන්න පුළුවන් මේක බැලුවට පාඩුවක් නැහැ කියලා. ඒ මුල ඉඳලම කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමිකර විදානගේ (Baiscopelk)
IMDb 5 /10 13,154 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brian Smrz
Director

Cast

Similar titles

Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Men in Black (1997)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Little Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Reunion (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Duel (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mojin: The Worm Valley (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Enemy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Interceptor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published