CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1658 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [NO Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 24, 2023India112 Min.
Your rating: 0
10 1 vote
Bheed (2023) | ජන රාශිය/ අඳුරු යුගයක ආවර්ජනාවක්

හිංදි සිනමාව 2023 තිළිණ කරපු තවත් කලාත්මක සිනමා පටයක් වන BHEED සිනමාපටයේ උප සිරැසි අද මම ගෙන එනවා. මුලින්ම කියන්න ඕනෙ මේක කළු සුදු චිත්‍ර පටයක්. ඒකෙන් නිගමනයකට එන්න එපා චිත්‍රපටය ගැන . මට දැනුන හැටියට කලු, සුදු වර් ණය මේ චිත්‍රපටියට වර්ණ වලට වඩා කදිම සාධාරණයක් ඉටු කරනවා. ඉතින් වෙනසකටත් එකා මේක බලන්න ඔබ කලාත්මක සිනමාව ප්‍රිය කරනවා නම්.

2020 වසර මුළු ලෝකයටම අමතක නොවන අප කාගෙත් ජීවිත අඩු හෝ වැඩියෙන් උඩු යටිකුරු කරපු වසරක්. ඒ කොරෝනා වසංගතය මුළු ලොවම වෙලාගත් අවධිය ගැන ආපසු හැරී බලන්නවත් අපි කමති නැති වේවි. කොරෝනාව ලෝකයෙන් තුරන් වෙමින් ඒ පිළිබඳ මතකයද අප වෙතින් ගිළිහෙමින් තිබුනත් එයින් ඇති කරපු බලපෑම නම් තව කාලයක් තියේවි.මේ වසංගතය දැන් සිනමා කර්මාන්තය වෙලා ගෙන හමාරයි.අපේ රටද නොයෙක් රටවල දැන් කොරෝනාව හා බැඳුණූ විවිධ කතා රසවත් සිනමා කෘති ලෙස එළියට දාන කාලයක් ..

ඉන්දියාව මේ වසංගතයෙන් විශාල ලෙස බැට කෑ රටක්. කෝටි හතර හමාරක් ඒ කියන්නෙ අපේ ජන ගහණය වගේ දෙගුණයකට ඉන්දියාවෙ කොරෝනා වැලඳුනා. ඉන් මිය ගිය ගණන 532,000ක් පමණ වෙනවා. මේ ඍජු මරණ ගණන. ලෝකයේ අන් හැම තැනක වගේම ඉන්දියාවෙත් මේ හා බඳුනු අනියම් ඛේදවාචක අපමණයි.ඒ කියන්නෙ අහිමි උණ සත්‍ය ජීවිත මෙන්ම විනශ වූ පවුල් ගණනත් අසීමිතයි..

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විවිධ ජන කොටස්, විවිධ ආගමිකයින් ගෙන් සැදි සංකීර්ණ ඉන්දියාවම එක කොඩියක් යටතට ගෙන තිබෙන එක ඇත්ත. ඒත් විවිධ භාෂා, ආගම් මෙන්ම ප්‍රාන්ත අතරද යම්යම් උණුසුම් තත්වයන් නිතර නිතර ඇති වන බැව් අප දන්නවා. ඊට අමතරව කුල වාදය අදටත් දැඩි ලෙස ඉන්දියාව තුල බෙදීම් ඇති කරනවා.කොරෝනාව නම් මේ සේරටම එක විදිහට සැලකුවත් එහි බලපාම එක් එක් පාර්ශව අතරට ගියේ විවිධ ලෙස.

2020 මාර්තු මස ඉන්දියාව පුරා කොරෝනා පැතිරෙන විට ඒ ඒ ප්‍රාන්ත රජයන්ට එක් වරම දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට සිදු උනා වසංගතය පාලනය කර ගන්න. විවිධ ලොක් ඩවුන් මෙන්ම ප්‍රාන්ත සීමා වසා දැමීම මෙයින් මූලික දේ උනා.ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් සුලු රැකියා සඳහා විශාල නගර කරා පැමිණෙන සංක්‍රමණිකයන් පිරිස අසීමිතයි.ඉතා අඩු දවස් කුලියකට මෙසේ දිල්ලි. මුම්බායි,කල්කටා වැනි ජනාකීර්ණ නගර වලට ඔවුන් බොහෝවිට පැමිණෙන්නේ පවුල් පිටින්.ඉතා කුඩා ඉඩ කඩක දුක්ඛිත දිවියක් ගත කරන මොවුන්ගේ මූලික අවශ්‍යතා පවා සීමා වෙලා තියෙනවා. ඒ ඔවුන් රට තුලම අමුත්තන් නිසා.කොරෝනාව පැතිරෙන විට තව කවර කතාද?

Anubhav Sinha අධ්‍යක්ෂණය කරන ලද මේ BHEED චිත්‍ර පටය මගින් කියන්නේ කොරෝනාව නිසා ආපසු ගම් බිම් බලා යන සංක්‍රමණිකයින්ගේ අඳුරු කතා පුවතක්. බස්, දුම්‍ රිය වැනි ප්‍රවාහන සේවා නැවතී, සියලු කඩ සාප්පු වැසී ඇති මෙම මොහොතක මෙම සංචාරකයින්ට නැවත සිය ගම් බිම් බලා යන්න සිදුවෙනවා. ඒ දුර සැතපුම් දහස් ගණනක්.ලබාගත හැකි සියළු විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් ඔවුන් සිය ගම් බිම් බලා යාමට විශාල උත්සාහයක් ගන්නවා.

විටෙක ලොරි, කරත්ත, පාපැදි මෙන්ම පා ගමණින්ද සාගින්නෙන් බැට කමින් වෙනත් විවිධ දුක් ගැහැට අත් විඳිමින් ‍යන ගමන තුල විවිධ මානුෂික මෙන්ම අමානුෂික සංසිද්ධීන් මෙන්ම කුල හා ආගම් හා බැඳුන ගැටළු, දැඩි කොරෝනා නීති රීති, සීමා වසා දැමීම් වැනි ගැටළු වලින් තව තවත් පීඩා විඳින්නට සිදු වෙනවා. තේජ්පූර් නමැති ග්‍රාමයක දේශ සීමාවක් වසා දැමීම නිසා ඒ හරහා යාමට පැමිණෙන දහස් ගනන් සෙනග ඉදිරියට යා නොහැකිව අතරමං වෙනවා.

වසා දැමුනු ප්‍රාන්ත සීමා මුරපොලක් බාර නිලධාරියා සූර්යා මෙහි ප්‍රධාන චරිතයයි . සිය රාජකාරිය අකුරටම ඉටු කිරීම ඔහුගේ අරමුණයි.නීතිය කාටත් සමාන විය යුතුයි. මුරපොල හරහා යාමට කිසිදු බලවන්තයෙකුට ඔහුගෙන් අවසර නැහැ. සිය රාජකාරිය ,මානුෂිකත්වය, කුලවාදය මෙන්ම ඔහුගේ ප්‍රේමය තුල අතරමංව බුර බුරා නැගෙන මහජන විරෝධය ඔස්සේ ඔහුට සිය රාජකාරිය හැසිරවීමට සිදුවනවා.

නෑදෑ දරු පිරිවර සා ගින්නෙන් පෙළීම දරා ගත නොහී කැරළි ගසන පුද්ගලයෙක්,බීමත් පියෙකුගේ බර දරා ගන්නා දියණියක්,ඇමති වරයෙකුගේ කිට්ටු සහචරයින් පිරිසක්,මෙන්ම තත්වය මතු පිටින් අතගාන මාධ්‍ය වේදීන් පිරිසක් හා තවත් බොහෝ පිරිසකගේ කතාන්තර මේ විනාඩි 112 ක සිනමා පටය තුල පෙල ගස්වා තිබෙනවා.

මෙහි පොලිස් නිලධාරියා ලෙස Rajkumar Rao නැමැති සම්මානනීය රංගන ශිල්පියා රඟපානවා.ඔබට Newton 2017 බලුවානම් නීතියට වැඩ කරන තරුණ ඡන්ද නිලධාරියාව මතක ඇති.Bhumi Pednekar,Kirtika Kamra,Dia Mirza,Pankaj Kapur,Ashutosha Rana අනිත් නළු නිළියෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.7 /10 11,420 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rajkummar Rao isSurya Kumar Singh Tikas
Surya Kumar Singh Tikas
Pankaj Kapur isBalram Trivedi
Balram Trivedi
Bhumi Pednekar isRenu Sharma
Renu Sharma
Ashutosh Rana isInspector Yadav
Inspector Yadav
Kritika Kamra isVidhi Prabhakar
Vidhi Prabhakar
Aditya Srivastava isInspector Ram Singh
Inspector Ram Singh

Similar titles

36 Farmhouse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fan (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It’s a Wonderful Life (1946) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunaa (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Villain Returns (2022) Sinhala Subtitles | “අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක්” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published