CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1821 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 28, 2023United States106 Min.
Your rating: 0
10 2 votes
Totally Killer (2023) | සිංහල උපසිරැසි සමඟ

1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු සිවුවන දඩයමත් සාර්ථකව ඝාතනය කරමින් ඔහුගේ පුනරාගමනය සනිටුහන් කරමිනි.

තම මවගේ මරණයත් සමඟ, මෙයට මැදිවන 17 හැවිරිදි ජේමී හියුස්, තම මිතුරිය විසින් නිර්මාණය කරන ලද කාලතරණ යන්ත්‍රයක ආධාරයෙන් 1987 වර්ෂයට, එනම් හරියටම මීට අවුරුදු 35කට පෙර සිදු වූ ඒ ඝාතන රැල්ල ආරම්භ වන දිනයට ගමන් කරයි. ඒ වන විට නව යොවුන් අවදියේ පසුවන තමන්ගේම මව සමඟ එක්වී ඇය උත්සාහ කරන්නේ මෙම ලේ පිපාසිත ඝාතකයා, ඔහුගේ ඝාතන රැල්ල ආරම්භ කිරීමට පෙරම එය නවත්වාලීමටයි. ඔහුව නවතා තම මවගේ ජීවිතය බේරා ගැනීමටයි.

ලේ පිපාසිත ඝාතකයෙකු පසුපස, අතීතයට හඹා යන මෙම චාරිකාවේදී ජෙමීට 80 දශකයේ සමාජීය පසුබිම, තරුණ තරුණියන්ගේ හැසිරීමේ රටාවන්හි වෙනස්කම්, නීතියේ අඩුලුහුඬුකම්, පමණක් නොව අදට සාපේක්ෂව තාක්ෂණයේ පැවති නොදියුණුකම් සමඟ පවා ගැටීමට සිදු වේ. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදෙමින් ඝාතකයා වළක්වාලීමට ඇයට හැකිවේවිද? කාලය නැමති ගංගාවේ, උඩුගං බලා පිහිනාගොස්, කාල අවකාශයේ වෙනස්කම් සිදුකර නැවත පැමිණෙන ඇයට, එම වෙනස්කම් වල බලපෑමෙන් අනාගතයේ සිදුව ඇති කෙබඳු තත්වයන් වලට මුහුණ දීමට සිදුවේවිද?

Totally Killer. 2023 සැප්තැම්බර් 28 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම චිත්‍රපටය, මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ලබා ඇත. Slasher, black comedy ශානරයට අයත්වන මෙම චිත්‍රපටය “Back to the future” සහ “Scream” යන චිත්‍රපට දෙකෙහි සුසංයෝගයකින් නිමැවූ නවතම සංකල්පයක් බව ලොවපුරා ජනප්‍රියව ඇති මතයකි. මෙහි ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලී භාෂාව, ලිංගික අන්තර්ගතය, නවයොවුන්වියේ පිරිස් අතර සිදුකරණ මත්පැන් හා මත්ද්‍රවුය භාවිතය වැනි දේවල් අන්තර්ගත බැවින් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (R rated) චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත.

පැය 1යි විනාඩි 46ක් පුරා දිවයන මෙම චිත්‍රපටය, ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්‍ෂකයා වෙත ත්‍රාසය, කුතුහලය මෙන්ම හාස්‍යයද නොඅඩුව ලබාදෙමින් ප්‍රේක්ෂකයා ඒ වෙත ඇදබැඳ තබාගන්නේ මොහොතකටවත් ඇස් ඉවතට ගැනීමට නොසිතෙන අයුරිනි.

අපූර්ව මෙන්ම නැවුම්වූ සංකල්පයකින් යුතු මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සත්‍යා හපුගහලන්ද (Zoomlk)
IMDb 6.6 /10 22,241 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kiernan Shipka isJamie Hughes
Jamie Hughes
Olivia Holt isPam Miller (1987)
Pam Miller (1987)
Julie Bowen isPam Hughes
Pam Hughes
Charlie Gillespie isBlake Hughes (1987)
Blake Hughes (1987)
Lochlyn Munro isBlake Hughes
Blake Hughes
Troy Leigh-Anne Johnson isLauren Creston (1987)
Lauren Creston (1987)
Kimberly Huie isLauren Creston
Lauren Creston
Kelcey Mawema isAmelia Creston
Amelia Creston
Liana Liberato isTiffany Clark (1987)
Tiffany Clark (1987)
Stephi Chin-Salvo isMarisa Song (1987)
Marisa Song (1987)

Similar titles

Dishoom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reminiscence (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dreadful Chapters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mummy (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator 2 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye (2017) Part 1 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love and Leashes (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
After Everything (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published