EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Asha Kiran Mateti, Eric Darnell, Tom McGrath
Cast
Go Full Cast PageMadagascar: Escape 2 Africa (2008) | නැවතත් නිවස කරා…
චිත්‍රපටිය Comedy/Adventure ශානරයට තමයි අයිති වෙන්නෙ. IMDb දර්ශකයේ 6.6 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 64% අගයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. අධ්‍යක්ෂනයෙන් Tom McGrath සහ Eric Darnell කියන අධ්‍යක්ෂකරු දෙන්න සම්බන්ධ වෙලා තියෙනව. Box Office අතින් 603.9 Million USD උපයා ගැනීමට සමත් වෙලා තිබෙන අතර නිෂ්පාදන පිරිවැය විදියට සදහන් වෙන්නෙ 150 Million USD.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ඇලෙක්ස් (අපේ කතා නායකය) එයාගෙ යාලුවො ටිකයි නිවාඩුවකට යනකොට එයාලගෙ ප්ලේන් එක අප්‍රිකාවෙ කැලෑවකදි කඩන් වැටෙනව. ඇලෙක්ස්ට ඒ කැලේ හොදට හුරු පුරුදු තැනක් වගේ තමයි තේරෙන්නෙ. පස්සෙ එයාලට ඒ කැලේ නායකය වෙන සුබාව හම්බෙනව. හරි මම මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. කතාවෙ එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…







