EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Freelance (2023) | සිංහල උපසිරැසි සමඟ

අද මම අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන..

IMDB Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peppermint (2018 Action movie – IMDB 6.5) වගේම Taken(2008 Action movie IMDB 7.8) කියන සුපිරිම ෆිල්ම් ඩිරෙක්ට් කරපු Pierre Morel කියන අධ්‍යක්ෂකවරයා..

කතාව ගැන කියනවා නම් John Cena එහෙම නැත්තං කතාවේ විදිහට මේසන් පෙට්ටිස් හමුදා විශේෂ බලකායේ සොල්දාදුවෙක් විදිහට වැඩ කරනවා..එයාගේ අන්තිම මෙහෙයුමේදී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා මෙයාලගේ හෙලිකොප්ටර් එකට වෙඩි වැදිලා කඩාගෙන වැටිලා සොල්දාදුවන්ගේ බාගෙට බාගයක් ම මැරෙනවා..මේකෙන් මේසන් සෑහෙන්න මානසිකව වැටෙනවා..ඊටපස්සේ එයා ගොඩක් උත්සාහ කරලා නීති විද්‍යාලයට ගිහින් නීතීඥයෙක් වෙනවා..

පස්සේ මේසන් ට එයා එක්ක අන්තිම මෙහෙයුමේ හිටිය යාළු සොල්දාදුවෙක් එක්ක වැඩක් කරන්න හම්බෙනවා…ඒ පැල්ඩෝනියාවේ ඒකාධිපතියෙක් වෙච්ච ජුවාන් අර්තුරෝ වෙනිගාස් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සම්මුඛ සාකච්ඡාවක් කරනකොට ඇයට ආරක්ෂාව සපයන එක..මේ මාධ්‍යවේදිනිය තමයි මිස් ක්ලෙයාර් වෙලින්ටන්..කොහොම උනත් මේසන් මේ වැඩේ අකමැත්තෙන් බාර ගන්නේ..ඒ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි..

අකමැත්තෙන් උනත් මේ වැඩේ බාරගෙන පැල්ඩෝනියාවට ගියාට පස්සේ හමුදා කුමන්ත්‍රණයක් නිසා මේසන්, ක්ලෙයාර් වගේම වෙනිගාස් කියන තුන් දෙනාම කැලයක් අස්සේ හිරවෙනවා..ඉතින් මෙයාලා මෙතනින් බේරෙන්නේ කොහොමද..මොකක්ද මේ කුමන්ත්‍රණය, මේකේ යටි අරමුණ මොකක්ද, මේසන් ගේ යාළුවා මේසන් ව පැල්ඩෝනියාවට යැව්වේ මාධ්‍යවේදිනිය ට ආරක්ෂාව සපයන්න විතරම ද නැත්තං වෙන යටි අරමුණු තියෙනවද කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..

Comments